Featured Posts

Oct 25, 2014

Fiverr Negative Feedback වලින් බේරෙන්නේ කොහොමද?

Posted by Unknown at 1:33 PM 2 Comments
             
ෆයිවර් බයර් කෙනෙක්ට ගිග් එකක් ඕඩර් කරලා තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ තමන්ට අවශ්‍ය දේ ලැබුනේ නැත්නම් modification ඉල්ලන්න පුලුවන්.තමන් වියදම් කරපු $5 ට උපරිම වටිනාකම ලබාගන්න තමයි ඕනම කෙනෙක් උත්සහ කරන්නේ.බැරි වෙලාවත් සෙලර් modifications වලට අදි මදි කලොත් සහ තමන්ට සෙලර් වංචා කලොත්,බයර්ට සෙලර් ගැන තරහක් ඇති උනොත් දෙන්න පුළුවන් හොඳම දඬුවම තමයි Negative Feedback එකක්.

  ඔය කියන තරම් Negative Feedback  බරපතලද?

     අවිවාදයෙන්ම ඔව්.ඒ ඇයි කියලා මම කියන්නම්.

       1. දවස ගානේ ඕඩර්ස් ගලාගෙන ආපු ඔයාගේ ගිග් එකට එක මොහොතෙන් ඕඩර්ස් අඩු කරන්න Negative Feedback  එකකට පුළුවන්.ඒ මොකද ඔයාගේ ගිග් එක recommend page එකක එහෙමත් නැත්නම් list එකක තියෙනවනම් එතනින් පහලට යන්න අර Negative Feedback  එක හේතු වෙන්න පුළුවන්.

        2.අපි කවුරු උනත් කැමති අපේ සල්ලි නාස්ති කරගන්නේ නැතුව අපිට ඕනේ දේ හරියටම කරගන්න.ඔයා Fiverr වලින් service එකක් බයි කරන්න යනවා කියලා හිතන්න.ප්‍රධානම දේ තමා experienced සෙලර් කෙනෙක් වෙන්න ඕනේ.ඔයා ඒ දේ බලන්නේ feed-backs වලින්.experience තියන සෙලර් කෙනෙක් අපේ වැඩේට තෝරගත්තට පස්සේ අපි කරන්නේ එයාගෙත් මොකක් හරි අඩුපාඩුවක් තියනවද බලන එක.මේක කරන්න තියෙන්නේ Negative Feedback තියනවනම් ඒවා check කරන එක.Negative Feedback  එකක්වත් නැත්නම් අපි දෙපාරක් හිතන්නේ නැතුවම ඕඩර් එකක් දානවනේ.ඔය විදිහටම තමා fiverr gig buy කරන්න එන බයර්ස්ලත් කරන්නේ.ඔයාගේ ගිග් එකේ Negative Feedback  නැත්නම් ඒකට චාන්ස් වැඩියි.

     3.මේක තමා බරපතලම දේ.fiverr customer support එකෙන් Negative Feedback  එක්ක වැඩ කිරීමේදී වැඩි chance එකක් දෙන්නේ බයර්ගේ පැත්තට.සමහරවිට Negative Feedback  එකකට කිසිම වැරැද්දක් ඔයා කලේ නෑ වෙන්න පුළුවන්.ඒත් fiverr customer support කියන්නේ බයර්ගේ අනුමැතියක් නැතුව කිසිම Negative Feedback එකක් අයින් කරන්නේ නෑ කියන එක.

 ඒ නිසා හොඳම දේ තමයි කොයිම විදිහකටවත් Negative Feedback එකක් වැටෙන්නේ නැති වෙන්න වැඩ කරන එක.කොහොමද ඒක කරන්නේ?

1.සමහර වැඩ වලදි බයර්ස්ලා මැසෙජ් එකක් දාලා අහනවා මේ දේ කරන්න පුලුවන්ද කියලා මම ඕඩර් කරන්න ද කියලා.ඒ වෙලාවට මුලින්ම බලන්න  බයර් කියලා ඉල්ලලා  තියන දේ ඒ විදිහටම ඒ කාලය ඇතුලත දෙන්න පුලුවන්ද කියලා.ඒ වැඩේ ඔයාට කරන්න බැරි දෙයක් නම් ආපහු reply කරන්න ඕනේ නෑ සද්ද නැතුව ඉන්න.
     බයර් කියලා තියන දෙයට කියලා තියන ප්‍රමාණයට වඩා මුදලක් අය කරන්න ඕනේ නම් ඒක ඩිලිවර් කරන්න ලෑස්ති වෙලා කියන්නේ නැතුව ඕඩර් එක දාන්න කලින් කියන්න.මෙතනදි බල්ලට පොල්ලෙන් ගහන්නා වගේ වැඩියෙන් ඉල්ලන්න එපා.ෂේප් එකේ වැඩියෙන් යනවා කියන එක කියන්න.ඒ වගේම බයර් ඉල්ලන දේ කරන්න දවසකට වැඩි කාලයක් යනවනම් ඒකත් ඕඩර් කරන්න කලින් කියන්න.ඔය දෙකටම හොඳම විසදුම තමා fiverr දීලා තියෙන් custom price quote.

2.ඕඩර් ලේට් නොවී ඩිලිවර් කරන්න උපරිම ට්‍රයි කරන්න.
     මොකද අපි ඕඩර් එකක් ලේට් කරොත් බයර්ට පුලුවන් ඕඩර් එක එතනින්ම කැන්සල් කරන්න.එතකොට $4ත් අපිට නැතුව යනවා වගේම automatically Negative Feedback එකක් වැටෙනවා "Buyer Failed to Deliver On time" කියලා.මේ Negative Feedback එක අයින් කරන්න නම් හිතන්නවත් එපා.හදිසියේවත් ඕඩර් එකක් ලේට් උනොත් බයර්ට මැසේජ් එකක් දාන්න මොකක් හරි නොවැලැක්විය හැකි හේතුවක්(ලෙඩක් වගේ දෙයක්) නිසා ඕඩර් එක ලේට් වෙන බව.එතකොට ඒ වෙලාවට ඩිලිවර් එක ගන්න ආපු බයර් එක්කෝ
"No worries,Take your time" කියලා කියයි.එහෙමත් නැත්නම්
"No I need it urgently.Please cancel this order" කියයි.එහෙම උනොත් mutual cancellation එකක් දෙන්න resolution center ගිහින්.එතකොට නැතිවෙන $4 ගැන දුක් වෙන්න එපා.මොකද Negative Feedback එකක් එහෙම වැටුනනම් ඒක ඔයාගේ ඩොලර් සෑහෙන ගානක් නැති කරනවා අනාගතේදි.

3.ඕඩර් එක කරන්න ගන්න අවසාන පැය වෙනකල් ඉන්න එපා.
          මේදේ මගෙන් කලින් උන ලොකු අඩුපාඩුවක්.කොච්චර වෙලා තිබුනත් අවසාන මොහොතේ තමා කරන්න ගන්නේ.ඔය දේ ගොඩක්ම වෙන්නේ Graphic & Design කරන අයට.ඕඩර් එකක් ආපුවහම කරන්න ගන්න බැරි උනොත් ඕඩර් එක චෙක් කරලා බලන්න ඒක කරන්න පුලුවන් එකක්ද කරන්න තියෙන වැඩේට ප්‍රමාණවත් තරමට ඕඩර් එක දාලද කියලා.එහෙම නැත්නම් ටක් ගාලා බයර් ව contact කරගන්න ඕඩර් එක මදි නම්.කරන්න බැරි දෙයක්නම් හේතුව කියලා mutual cancellation එකක් දෙන්න.(ඔය දේ කරගන්න බැරි උන නිසා ඉන්දියන් කාරයෙක් ලොකු වැඩක් අඩු ගානකට කරගන්න ඇවිත් මට Negative Feedback  එකක් දැම්මා.තවම ඒක එහෙමමයි)

4.පුළුවන් තරම් ආචාරශීලීව බයර් එක්ක communication එක තියා ගන්න.
කඩ්ඩ හරියට දන්නේ නැති වෙන්න පුළුවන් ඒත් දන්න කඩ්ඩෙන් පුළුවන් විදිහට polite වෙන්න.සුද්දෝ ගොඩක් කැමති එය දේට.උන්ට අපි ලව්වා සර් කියලා කියව ගන්න ඕනේ නෑ.ගොඩක් වෙලාවට උන්ම අපිට සර් කියනවා :)

5.Order එක ඩිලිවර් කරද්දි Negative Feedback නොවැටෙන්න වගබලා ගන්න.
   මම මේ ගැන කලින් පෝස්ට් එකකත් කියලා තියෙනවා.ඕඩර් එක ඩිලිවර් කරන්න මේ වගේ message  එකක් පාවිච්චි කරන්න.
Hi,Your order has been delivered.Check it and let me know if you any changes.
   Regards
   Your Fiverr Name 
        මේ විදිහේ මැසේජ් එකක් දැම්මම ගොඩක් වෙලාවට බයර් modification request කරන්නෙත් නෑ වෙනස් වෙන්න ඕනේ දේවල් තියනවනම් මැසේජ් එකකින් කියනවා.

6.තමන්ට අවංක වෙන්න.
      කොයිම වෙලාවකදිවත් බයර්ව මුලා කරන්න යන්න එපා මොකක් හරි වංචාවක් කරලා.අපි මේ දේ කරන්නේ සල්ලි වලට.ඒ නිසා ඒ සල්ලි වලට ගැලපෙන විදිහට ඔයාට කරන්න පුලුවන් උපරිම දේ කරන්න.ඔයා කරපු දෙයින් බයර් තෘප්තිමත් උනානම් අයේ දවසක මොනවහරි කරගන්න තියේනම් ඒ ඕඩර් එකත් ඔයාටම එන එක 100% විශ්වාසයි.
බැරි වෙලාවකවත් මොනවා හරි වැරැද්දක් වෙලා Negative Feedback එකක් වැටුනොත් මොකද කරන්නේ?
          එවෙලෙම බයර් contact කරගන්න.ඔයාට නැති වෙන $4 ගැන හිතන්න එපා.order එක cancel කරන්න කැමතියි කියන්න Negative Feedback එක අයින් කරගන්නවනම්.මොකුත් නොකියා එක පාරටම mutual cancel දෙන්න එපා.මොකද බයර් අයින් කරොත් මිසක් Negative Feedback එක අයින් වෙන්නේ Order එක cancel උනාට.Negative Feedback එකක් වැටුනොත් අයින් කරග්නන තියෙන සාර්ථකම විසඳුම තමා බයර්ව ෂේප් කරන එක.සමහර බයර්ස්ලා ඉන්නවා වැඩේ කරගත්තට පස්සේ ආයේ fiverr පැත්ත පලාතේ එන්නේ නැති අය.එහෙම උනොත් දවස ගානේ හරි කමක් නෑ මිනිහට Negative Feedback  එක අයින් කරන්න හිතෙන විදිහට මැසෙජ් යවන්න.මොකද fiverr ආවේ නැතත් අපි යවන මැසේජ් මිනිහගේ email එකේ පෙන්නනවා.මේ එකක්වත් හරිගියේ නැත්නම් customer support එකේ පිහිට පතන්න.

          ඒකෙනුත් වැඩක් උනේ නැත්නම් Negative Feedback එක අයින් කරගන්න එක හිතින් අතෑරලා දාලා ඔයාගේ කිසිම වැරැද්දක් නැති බව කියලා පුලුවන් තරම් බයර්ගේ වැරැද්ද කියලා අර Negative Feedback එකට review එකක් දෙන්න.එතකොට ඔයාගේ ගිග් එක ඕඩර් කරන්න ආපු වෙනත් බයර් කෙනෙක් ඒක බලලා ඔයාගේ වැරැද්දක් නැති බව තීරණය කරාවි.review එකක් නොදී හිස්ව තියනවා කියන්නේ ඔයා ඔයාගේ අඩුපාඩුව පිලිගත්තා කියන එක.පහල තියනවා වගේ Negative Feedback එකක් වැටුනොත් හිතන්න ඒක දකින බයර් කෙනෙක් ගිග් එක ඕඩර් කරයිද?

Very poor service! Don't use this seller for your works.Don't waste your money

පෝස්ට් එක ටිකක් දිගයි.හැමෝටම තේරෙන විදිහට විස්තර ඇතුව ලිව්වේ.මොනවහරි ප්‍රශ්නයක් තියනවනම් comment එකකින් අහන්න.ජය වේවා!

Mar 17, 2014

english blog එකෙන් Fiverr ඩොලර් හොයන්න

Posted by Unknown at 1:32 AM 0 Comments
  ගොඩක් අය ඉංග්‍රීසි බ්ලොග් කරන්න අකමැතියි.හේතුව වෙලාව ගත කරලා පෝස්ට් ලිව්වට මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබෙන්නේ නැති නිසා.සමහර වෙලාවට ඇඩ්සෙන්ස් ගන්න බෑ දුක් විඳලා ඇඩ්සෙන්ස් ගත්තත් ක්ලික් වලින් හම්බෙන ගාන සොච්චමයි.ඔය වගේ දේවල් හින්දා ඉංග්‍රිසි බ්ලොග් කරන එක ටිකක් අඩු වෙලා තියෙන්නේ.ඒත් මම මේ කියලා දෙන්න යන්නේ  ෆයිවර් සහ ට්‍රැෆික් තියෙන ඉංග්‍රිසි බ්ලොග් එකක් යොදා ගෙන කොහොමද සාර්ථකව ඊ මනි හොයන්නේ කියන එක ගැන.
                 ක්‍රමය තමයි ෆයිවර් හරහා බ්ලොග් එකට ඩිරෙක්ට් ඇඩ්වටයිසින්.මේක ගොඩ දෙනෙක් නොකරන දෙයක්.ෆයිවර් එකේ උනත් මේදේ කරන අය අඩුයි.මම මගේ කලින් ඉංග්‍රිසි බ්ලොග් එකට ට්‍රැෆික් ටිකක් හදාගෙන මේ වැඩේට බැස්සේ නිකමට හිතිලා.ස්ත් කරගන යද්දි තමයි තේරුනේ කොච්චර වටින දෙයක්ද කියන එක.අවාසනාවකට සහ මම කරපු වැරදි කීපයක් හින්දා මගේ බ්ලොග් එක බෑන් උනා.ඊට පස්සේ ගිග් එක සස්පෙන්ඩ් කරන්න උනා.ඒකේ ස්ක්‍රීන් ෂොට් එකක් පහලින් දාන්නම්.
                   මම රතුපාටින් රවුම් කරලා තියෙන්නේ දැනට ගිග් එකෙන් හොයලා තියෙන ගාන.
සම්පූර්ණ ගාන $1,004 ක් කියලා පේනවා ඇති.
ඒ ගාන කෙසේ වෙතත් මම මගේ ෆයිවර් එකවුන්ට් එක තත්වයකට ගත්තේ ඔය ගිග් එකට පින් සිද්ධ වෙන්න.හරි එහෙනම් දැන් කරන විදිහ ගැන කියන්නම්.

Dec 1, 2013

Fiverr top secret tip 13ක්......

Posted by Unknown at 4:00 AM 0 Comments
Fiverr

සාර්ථක ගිග් එක Fiverr විකුනුම් වල හදවතයි
            ඔයා හදන ගිග් එක ඔයාට මාසෙකට $150-$200 ක් උපයලා දෙන ගිග් එක වෙන්න පුළුවන්.ඒ නිසා ගිග් එකක් හදන කොට ටිකක් හිතලා සුපිරි ලේබලෙන් තියන්න පුළුවන් ගිග් එකක් හදන්න.තමන් කරන්න හිතන් ඉන්න ජාතියේ රේට් තියන ගිග් එකක් අරගෙන ඒකේ සේරම කොපි කරගෙන ගූගල් එකෙන් සයිස් එකවත් ෆිට් වෙන්නේ නැති පික්චර් එකක් අරගෙන විනාඩි 5න් ගිග් එක හදනවට වඩා පැය බාගයක් එහෙමත් නැත්නම් විනාඩි 45 ක් පැයක් අරගෙන ඔයා ගිග් එක හැදුවත් පාඩු නෑ ඒ ගිග් එක Fiverr පිලිගන්න සුපිරි ලේබලෙන් තියනවනම්.Fiverr යම් යම් දේවල් බලාපොරොත්තු වෙනවා සාර්ථක ගිග් එකකින්.සුපිරි ගිග් එකක් හදන හැටි දැනගන්න මේ පෝස්ට් එක බලන්න.

Description එක වචන ටිකක් විතරද?
         සමහර විට ගිග් වල stats පෙන්වන තැන clicks වැඩි ප්‍රමාණයක් තිබිලත් ඕඩර් අඩුගානක් එන බව දකින්න පුළුවන් වෙයි.අන්න එතනින් ඔයා තේරුම් ගන්න ඕනේ ඔයාගේ ගිග් එක පැහැදිලි කිරීම එහෙමත් නැත්නම් gig description එක දුර්වලයි කියන එක.ඔයාගේ ගිග් එකට ලැබිලා තියන ක්ලික් එක කියන්නේ ගොඩක් වටින දෙයක්.යම් කෙනෙක් ඇවිල්ලා ඔයාගේ ගිග් එකේ මාතෘකාවයි ගිග් බැනර් එකයි වීඩියෝ එකයි දැකලා ගිග් එක විසිට් කරනවා.ඒත් description එක දැක්කහම ආපහු හැරෙනවා.
        ඒ නිසා අපි අපේ ගිග් එක ගැන විස්තර කරන්න ඕනේ ඒක කියවන කෙනෙක්ට බයි කරන්න හිතෙන විදිහට.මුලින් ම හිතන්න ඕනේ අපි සෙලර් විදිහට නෙවේ බයර්  විදිහට.ඒ කියන්නේ අපි ඕඩර් එකක් දාන්න හිතාගෙන යනවා කියන එක ඔලුවේ තියාගෙන description එක දාන්න ඕනේ.කොටින්ම short & sweet.පත හෑලි දානවට වඩා කියන්න ඕනේ දේ කෙටියෙන් පැහැදිලිව කියන්න.ඒ අතරතුරට අනිවාර්යෙන් ඇතුලත් වෙන්න ඕනේ ටිකක් තියනවා.

  • බයර් ඔයාගේ ඩිලිවර් එක ගැන 100% satisfy වෙනකල් රිවිෂන් කරනවා කියන එක
  • ඔයාගේ  ගිග් එකෙන් කරනව කියල තියන දේට ඔයා තමයි ෆයිවර් වල දක්ෂම කෙනා කියන එක
  • පණිවිඩ වලට ඉක්මන් ප්‍රතිචාර දක්වනවා සහ ඉක්මනින් ඩිලිවර් කරනවා  කියන එක
  • ඔයාගේ ගිග් එක ඔඩර් කිරීමෙන් බයර්ට ලැබෙන වාසි

Oct 27, 2013

සිංහල බ්ලොග් එකට Google traffic ගමු

Posted by Unknown at 8:33 AM 0 Comments
                     

බ්ලොග් ලියන කවුරුත් ආසයිනේ Google traffic වලට.English blog එකකටනම් Google traffic ගන්න පුළුවන් හරියට seo කරොත්.හැබැයි සිංහල බ්ලොග් වලට Google traffic ගන්න එක ටිකක් අමාරු වැඩක්.

කොහොමද Google traffic සිංහල බ්ලොග් එකකට වැදගත් වෙන්නේ?
                                         Google traffic කියන්නේ ලියන භාෂාව මොකක් උනත් බ්ලොග් එකකට ගොඩක් වැදගත් දෙයක්.seo ගැන දන්න අය මේකේ වටිනාකම දන්නවා අනිත් අයට දැනගන්න මම පොඩ්ඩක් කියන්නම්

  1. අපේ බ්ලොග් එකට Google traffic වැඩි වෙන තරමට බ්ලොග් එකේ රෑන්ක් වැඩි වෙනවා.ඒ කියන්නේ search engine ranks සහ alexa වගේ රෑන්ක්.බ්ලොග් එකක වටිනාකම තීරණය කරන්න පුළුවන් වෙන්නේ ඒ බ්ලොග් එකේ රෑන්ක් වලින්
  2. Google traffic තියනවනම් බ්ලොග් එකට ඩිරෙක්ට් එන විසිටර්ස්ලා ට අමතරව තවත් පිරිසක් එකතු වෙනවා.ඒ නිසා ඇඩ් නෙට්වර්ක් එකකින් ඇඩ් දාලා තියනවනම් ඒවාට ඇතිවෙන ක්ලික් වැඩි වෙනවා.ඒක වෙන්නේ මෙහෙමයි.අපි මෙහෙම හිතමු.කවුරු හරි adsense කියන එක Google එකේ search කරලා ඔයාගේ බ්ලොග් එකට එනවා.එයා ඔයාගේ බ්ලොග් එකේ ලිපිය කියවනකොට අදාල keyword එකට ගැලපෙන ඇඩ් එකක් ඇඩ් නෙට්වර්ක් එකෙන් පෙන්වනවනම් අනිවාර්යෙන් ඒ ඇඩ් එක අර කෙනාගෙන් ක්ලික් වෙන්න 90% ක චාන්ස් එකක් තියනවා.මොකද කියනවනම් Google හරහා කෙනෙක් බ්ලොග් එකට එන්නේ යමක් දැනගැනීමේ අදහසින්.එයා හොයන දේට අදාලව ඇඩ් තියේ නම් ඒව ක්ලික් කරන්න එයා පෙළඹෙනවා.
  3. adsense වගේ බොහොමයක් ඇඩ් නෙට්වර්ක් වල අර මම කලින් කියපු විදිහට keyword related විසිටර් කෙනෙක්ගෙන් අදාල කීවර්ඩ් එකේ ඇඩ් එකක් ක්ලික් උනොත් ඒ ක්ලික් එකට ලැබෙන සාමාන්‍ය ගානට වැඩි ගැනක් අපිට ලැබෙනවා.Adsense වල දි මගේ english blog එකේ මම අත්දැකීමෙන් මේ දේ දැකලා තියනවා එක ක්ලික් එකකට $1.49 ක් විතර.සිංහල බ්ලොග් එකෙන් එච්චර එන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි සාමාන්‍ය ගානට වැඩි වෙනවා
  4. Google traffic කියන්නේ එක විදිහකට කිව්වොත් දම්වැලක් වගේ තමයි.පුරුක් වැඩිවෙන්න වැඩිවෙන්න දම්වැලේ දිගත් හයියත් වැඩි වෙනවා.ඒ වගේ Google traffic බ්ලොග් එකකට හම්බෙන්න හම්බෙන්න ඒ බ්ලොග් එකට Google traffic එන්න තියන අවස්ථා වැඩිවෙනවා.ඒ කියන්නේ search list වල උඩට යන එක වගේ දේවල්

Oct 20, 2013

Fiverr සල්ලි අතට ගමු & Fiverr Levels

Posted by Unknown at 9:57 AM 0 Comments
                                          E-money කරනකොට බලන්න ඕනේ ප්‍රධාන දෙයක් තමයි අපි හොයන් සල්ලි අවුලක් නැතුව අතට ගන්න පුළුවන්ද බැරිද කියන එක.ඒ විදිහට බලද්දි Fiverr කියන්නේ 200% විශ්වාසවන්ත තැනක්.මොකද මේවෙන කොට දහස් ගානක් සාමාජිකයින්ට එක සතයක් අඩු නැතුව ගෙවන තැනක් තමයි Fiverr කියන්නේ.
                        මම කලින් කිව්ව විදිහට Fiverr වලදි බයර් කෙනෙක් ඕඩර් කරන $5 න් අපිට ලැබෙන්නේ $4 යි.$1 ක් Fiverr තියාගන්නවා.ඕඩර් එකකට දෙකකට මේක අවුලක් නැති උනාට extra එක්ක $50 ක් වගේ කවුරු හරි ඕඩර්එකක් දුන්නොත් අපිට ලැබෙන්නේ $40 යි $10 ක් ම Fiverr ගන්නවා.එක විදිහකට බලපුවහම මේක අපේ සල්ලි ටිකට විදින තැනක් වගේ පෙනෙයි.මොනව කරන්නද නිකන් හිටියොත් ඔය $4 ත් නෑනේ අපිට.මම නම් කියන්නේ $4 ට $20 ක් විතර වටින දේවල් කවදාවත් කරන්න එපා Fiverr වල.ඒක බොරු වැඩක්.Fiverr කියන්නේ සුද්දන්ට ලාබෙට වැඩ කරවගන්න පුළුවන් ලාබ තැනක්.නිකමට හිතන්න හොඳ ලොගෝ එකක් හදන්න designcrowd වල සාමාන්‍යයෙන් $200 ක් විතර දෙනවා.ඒත් සමහර අය අර කොලිටි එකෙන්ම ලෝගෝ එකක් හදනවා $5 කට.ඒ හින්දා $4 වටින දේ නියම කොලිටියෙන් කරන්න.

 Fiverr වල සල්ලි අපි ගන්නේ කොහොමද?
                     බයර් කෙනෙක් අපේ ගිග් එකක් ඕඩර් කරාට පස්සේ අපේ නමට එයාගේ $5ක් Fiverr වල තැන්පත් වෙනවා.මේ සල්ලි අපේ නමට තිබුනත් නෑ වගේ තමයි.ඒ කියන්නේ අදාල ඕඩර් එක කම්ප්ලීට් උනොත් විතරයි අපිට ඒකෙන් $4ක් ලැබෙන්නේ.complete වෙන ක්‍රම දෙකයි.

Oct 6, 2013

ඕඩර් එකක් ආවෝ...දැන් මොකද කරන්නේ????

Posted by Unknown at 3:36 AM 0 Comments
                 
fiverr සිංහලෙන්
ෆයිවර් කරන අය දකින්න  කැමතිම වචනේ තමයි "order" අලුතින් ෆයිවර් රෙජිස්ටර් වෙලා ගිග් එකක් හදලා ඕඩර් එකක් ආවහම තියන සතුට කියලා නිම කරන්න බෑ නේ.මමත් ඔය අත්දැකීම ඒ විදිහටම විඳලා තියනවා.රෙජිස්ටර් වෙලා මාසෙකින් විතර තමා මට පලවෙනි ඕඩර් එක ආවේ.ඒ ලැබුනු ඩොලර් හතරේ  දැනුනු වටිනාකම කියලා නිම කරන්න බෑ.කාටත් ඔහොම නේ ඉතින්.
      අද අපි බලමු ඕඩර් එකක් ආවට පස්සේ අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද කියන එක.ඒ ගැන ලිපිය ලියන්නේ උනාට ඒත් එක්කම ගිග් එකක් සාර්ථකව හැදුවට පස්සේ අපි කලයුත්තේ මොකද්ද කියන එක ගැනත් සම්පූර්ණ විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

කලින් ලිපි :

හරි එහෙනම් පටන් ගමු...........
 ෆයිවර් වලදි අපි සෙලර් කෙනෙක් නම් අපිට ලැබෙන්න පුළුවන් දේවල් මෙහෙමයි

1.Orders
2.messages
3.order updates
4.Order Modifications
5.Request for cancellation
6. Feed-backs

Sep 29, 2013

ඕඩර් එන සාර්ථක ගිග් එකක් හදමු

Posted by Unknown at 1:27 AM 4 Comments
                     Fiverr  වල ගිග් කියන්නේ වටිනාම දේ.මොකද ගිග් එකෙන් තමයි අපේ සර්විස් එක අනිත් අයට විකුනන්නේ.Fiverr   වල වැඩ කටයුතු වලින් 80% ක් විතර වැදගත් වෙන්නේ මේ ගිග් හදන එක.අපිට ඕඩර්ස් ගෙන්න ගන්න නම් අපි හදන ගිග් එක සුපිරි ලේබලයෙන් තියෙන්න ඕනේ.විනාඩි 5 න් 10 න් සුපිරි ගිග් එකක් හදන්න බෑ.අඩුම ඒකට විනාඩි 20 ක් වත් වැය කරන්න වෙනවා.නිකමට හිතන්න මේ විනාඩි 20 වැය කරලා හදන ගිග් එක සමහරවිට ඉස්සරහට ඔයාට මාසෙට රු.10000ක් උපයන්න හේතු වෙන්න පුළුවන්.එහෙනම් අර විනාඩි 20 වැය කරපු එක පාඩුවක් නෙවේ නේද?
           ගිග් එකක් හදන වෙලාව ගැන කියනවනම් කලින් ගිග් එකක් first page වැටෙන්න නැත්නම් වැඩියෙන් promote වෙන්න හේතු වෙන වෙලාවක් තිබ්බා.ඒත් Fiverr  V2 වලට ආවට පස්සේ ඒක එච්චර වැදගත් නෑ.ඉරිදා හැර අනිත් ඕනෑම දවසක ගිග් එක create කරන්න පුළුවන්.

හරි එහෙනම් සුපිරි ලේබලෙන් තියෙන ගිග් එකක් හදන වැඩේට බහිමු.
                  මුලින්ම හදන ගිග් එක නම් start selling එහෙමත් නැත්නම් create gig ගියාට පස්සේ අපිට පෙන්නන්නේ මෙහෙම වින්ඩෝ එකක්.
                         

Sep 24, 2013

නිවැරදිව Fiverr රෙජිස්ටර් වෙමු

Posted by Unknown at 8:06 AM 0 Comments
                 Fiverr ගැන කියද්දි ගොඩක් අය මට කිව්ව දෙයක් තමයි මුල ඉඳලම පටන් ගන්න කියන එක.ඒ කියන්නේ Fiverr රෙජිස්ටර් වීමේ ඉඳලම.අලුතෙන් Fiverr  එක්ක සම්බන්ධ වෙන කෙනෙක්ට මේ ගැන නොයෙකුත් විදිහේ ප්‍රශ්න එන්න පුලුවන්.එහෙම එන ප්‍රශ්න ඇහුවොත් තමයි ඒවට උත්තර දෙන්න පුලුවන් වෙන්නේ ඒ හින්දා එන ඕනෙම ප්‍රශ්නයක් කමෙන්ට් එකකින් එහෙමත් නැත්තම් මගේ ඊ මේල් එකට එවන්න.
            හරි Fiverr  මුලින්ම පටන් ගන්න ඉන්න අයට උදව්වක් විදිහට අද අපි බලමු නිවැරදිව ඕඩර්ස් එන විදිහට කොහොමද Fiverr  රෙජිස්ටර් වෙන්නේ කියන එක.Fiverr  වල අපි කරන හැම දෙයක්ම අපේ එකවුන්ට් එකේ රේට් වැඩිවෙන්න කොලිටිය වැඩි වෙන්න ඒ වගේම ඕඩර්ස් එන්න යම් විදිහට හේතු වෙන විදිහට බලපානවා.ඒ නිසා හැම දෙයක්ම කරන්න ඕනේ මූලික දැනුමක් ඇතුව කියන එක මුලින්ම කියන්න ඕනේ.

      USA විදිහට Fiverr register වෙන එක තමයි වැදගත්.ගොඩක් අපේ ගිග් ඕඩර් කරන්නේ ඇමෙරිකන් කාරයෝ.එතකොට අපි ලංකාවේ විදිහට register වෙලා හිටියොත් අපිව ගනන් ගන්නේ නැති සීන් එකක් තියනවා.එතකොට අපේ කඩ්ඩේ  මිස්ටේක් එකක් උනොත් උන්ට සෑහෙන අවුල් ඒක.හැබැයි USA විදිහට හදලා  අපි ගහන කඩ්ඩ එච්චර කේස් එකක් වෙන්නේ නෑ.ඔය දේ ඔලුවේ තියාගන්න.සමහර සුද්දෝ ලංකාව කොහෙද කියලවත් දන්නේ නැති වෙන්න පුළුවන්.

Sep 19, 2013

Internet එකෙන් සල්ලි හොයමුද? කොහොමද පටන් ගන්නේ?

Posted by Unknown at 9:43 PM 0 Comments
                         කලින් දාන්න ඕනේ පෝස්ට් එකක් අද දාන්න යන්නේ ඊ මනි කරන්න හිතන් ඉන්න අයට පොඩි අදහසක් ගන්න.මුලින්ම E dollar වල පෝස්ට් වැටෙනකල් බලන් ඉන්න අයගෙන් සමාව ඉල්ලනවා ලියවෙන වේගේ අඩු එකට.ප්‍රධාන හේතුව වෙලාව නැති එක.ඇඩ්සෙන්ස් තියන english blog එකකුත් maintain කරගෙනයි fiverr කරනගමන් මෙතන පෝස්ට් දාන්නේ.ලියන්න නම් දේවල් ගොඩක් ඔලුවේ තියනවා.බට් ඒ සේරම දේවල් ලියන්න මට තියන free time එක අඩුයි.ඒත් අනිවාර්යෙන් ලංකාවේ අපේ කොල්ලන්ට ගොඩ යන්න පුළුවන් මම දන්න දේවල් සේරම මෙතන ලියනවා.මේ බේලොග් එකට කරන උදව්වක් විදිහටත් ඊ මනි කරන්න බලාගෙන ඉන්න අයට කරන උදව්වක් විදිහටත් මම ඔයාලගෙන් ඉල්ලනවා ඔයාලට මෙතන යම්කිසි පෝස්ට් එකක් වැදගත් උනා නම් ඒ ගැන උනන්දුවෙන් ඉනන් අනිත් අයටත් මේ ගැන දැනුවත් කරන්න කියලා.හොඳම තැන facebook .share කරන්න ගැජට් එකක් පෝස්ට් එක අවසානෙට තියනවා.
E money
 මම මේ පෝස්ට් එක දාන්න ප්‍රධාන හේතුව උනේ geek.lk එකේ මම දැකපු ප්‍රශ්න වගයක් හින්දා.ඊ මනි නවකයෝ ගොඩක් වෙලාවට කරන චෝදනාවක් තමයි හරියට කියලා දෙන තැනක් නෑ වටෙන් යනවා විතරයි කියන එක.ඇත්තටම ඒක හරි.අපිට ඉනිමඟක උඩට නගින්න බෑ මුල් ටික නඟින්නේ නැතුව.ඒ නිසා ඊ මනි කරන අයට ලියනවා වගේම කරන්න ඉන්න අයටත් මේ ගැන කියලා දෙන එක වටිනවා.මම ඒ විදිහට දැකපු එකම තැන තමා I plus බ්ලොග් එක.මම ඊ මනි වලට අතගැහුවෙත් ඒ හරහා මුලින්ම.ඒත් අවාසනාවකට ඒක දැන් අප්ඩේට් වෙන්නේ නෑ.ඒකත් හේතුවක් උනා E-ඩොලර් පටන් ගන්න.හරි එහෙනම් අද මාතෘකාවට එමු.

Aug 31, 2013

Fiverr gig collecting tips | Fiverr 7

Posted by Unknown at 7:31 AM 2 Comments
                           Fiverr වල ගිග් collecting කියන්නේ ඕඩර්ස් වැඩි වෙන්න කෙලින්ම බලපාන දෙයක්.ඒ කියන්නේ ගිග් එකකට collects වැඩි නම් ඒ ගිග් එක Fiverr විසින් promote කරනවා වැඩියි.අපේ ගිග් එකකට මේ චාන්ස් එක ගන්න  නම් collects වැඩි කරගන්න ඕනේ.ඒ කරන විදිහ ගැනයි අද පෝස්ට් එක.Fiverr V2 වල gig collect කියන Item එක තියෙන්නේ gig saving විදිහට.
  
     බයර්ස්ලා ලවා collect කරවා ගැනීම
                                   අපෙන් ඕඩර් එකක් ගන්න බයර්ස්ලා කියන්නේ අපිට සෑහෙන වැදගත් වෙන අය.නිකන්ම ඕඩර් එක ඩිලිවර් කරලා ඉන්නවට වැඩිය තව ටිකක් හිතුවොත් අපිට ඒ අයගෙන් සෑහෙන්න වැඩ ගන්න පුළුවන්.ගිග් collecting ගැන කතා කරද්දි අපි ඕඩර් එක ඩිලිවර් කරාට පස්සේ deliver message එක්ක අපි දානවා “ගිග් එක collect කරන එක අගය කරනවා “ වගේ දෙයක්.අපි දෙන සර්විස් එක හොඳයි නම් අපිට කරන උදව්වක් විදිහට අනිවා අපේ ගිග් එක ඒ අය කලෙක්ට් කරනවා.
                    සමහර ගිග් වලට ග්‍රැෆික් ඩිසයින් වගේ එකම බයර්ගෙන් ඕඩර්ස් කීපයක් ලැබෙන්න තියෙන චාන්ස් එක වැඩියි.ඒ නිසා අපි කරන වැඩේ බයර්ව උපරිම විදිහට සතුටු කරන්න ඩිලිවර් කරන එක වැදගත්..ගිග් එක collect කරන්න ඉල්ලද්දි බලෙන් වැඩේ කරවගන්න විදිහට කියන්න එපා.friendly විදිහට ෂේප් එකේ මැසේජ් එක මේ විදිහට දාන්න
Don't forget to save my gig for your future orders
I will appreciate if you save my gig

Aug 21, 2013

බ්ලොග් එකට meta tag,meta description ඇතුලත් කරමු | SEO 3

Posted by Unknown at 7:43 AM 2 Comments
                                  SEO ගැන කතා කරද්දි  meta tag,meta description ගැන කතා නොකරම බෑ.මේ  meta tag,meta description අපේ බ්ලොග් එකට ඇතුලත් කරන්නේ අපේ බ්ලොග් එක ගැන හැඳින්වීමක් සර්ච් එන්ජින් වලට දෙන්න.ඒ දේවල් බ්ලොග් එක කියවන කාටවත් පේන්නේ නෑ තියෙන්නේ බ්ලොග් එකේ කෝඩ් එකෙ යි.වැඩි විස්තර නැතුව අපි බලමු මේ දේවල් අපේ බ්ලොග් එකට ඇඩ කරගන්න විදිහ බලමු.

meta description  ඇතුලත් කරගන්නා ආකාරය
                   meta description එකේදි අපි ඇතුලත් කරන්නේ අපේ බ්ලොග්  එක ගැන විස්තරයක් දාන එක. ඒක ගූගල් වල අපේ බ්ලොග් එක ගාව පෙන්වනවා.යටින් තියෙන්නේ Facebook වල meta description ෙපෙන්වන විදිහ.ඒක බලලා ඉන්න.

Aug 14, 2013

blog එක top search engine 15 කට දාගමු | SEO 2

Posted by Unknown at 10:39 PM 2 Comments
                 
 SEO ගැන කියලා දෙන මුල්ම පෝස්ට් එක හැටියට මම හිතුවා බ්ලොග් එක search  engine වලට දාගන්න විදිහ ගැන ලියන්න.search  engine හරහා අපේ බ්ලොග් එකට විසිට් තියෙන්න නම් අපේ බ්ලොග් එක ඒ search  engine වල submit කරලා තියෙන්න ඕනේ.
          search  engine 50 කට 60 කට එකපාර බ්ලොග් එක submit කරන්න පුළුවන් විදිහේ online tool ඕනතරම් තිබුනත් ඒ එකක්වත් manual submit කරන එක තරම් effective නෑ.මේ වැඩේට උපරිම යන්නේ විනාඩි 20ක් විතර.
              මම පහලින් දීලා තියෙන්නේ දැනට තියෙන් search  engine අතරින් හොඳම රෑන්ක් අරගෙන ඉස්සරහින්ම තියෙන search  engine 15 ලිස්ට් එක.SEO ගැන හිතද්දි අපි Google විතරක් ටාගට් කරන එක මෝඩ වැඩක්.දැනට Number 1 search  engine එක හැටියට ඉන්නේ Google උනත් අනිත් ඒවා ගැනත් අවධානය යොමු කරන එක වැදගත්.

            පහතින් දාලා තියෙන අදාල search  engine වල අපේ බ්ලොග් එක සබ්මිට් කරන තැනේ URL .ඒ ලින්ක් වලින් ගිහින් ඔයාලගේ බ්ලොග් එකත් සබ්මිට් කරන්න.description,keywords ඉල්ලුවොත් ඒවා නිවැරදිව දෙන්න.

Genuine විදිහට Twitter followers ලා වැඩි කර ගමු

Posted by Unknown at 8:28 AM 0 Comments
         
 Twitter කියන්නේ අපේ බ්ලොග් එකකට traffic ගන්න පුළුවන් හොඳ තැනක්.ඒ කියන්නේ අපේ බ්ලොග් එක promote කර ගන්න.clickbank වල සේල්ස් වැඩි කරගන්න/ගිග් promote කරගන්න වගේ ගොඩක් වැඩ වලටත් Twitter ගොඩක් වැදගත්.අපිට Twitter followers ලා වැඩි කරගන්න ඕන තරම් social site තියනවා.ඒ වගේම fiverr වලින් උනත් followers 10,000+ උනත් $5 ට ගන්න පුළුවන්.හැබැයි අවුල තියෙන්නේ අපි ගන්න ඒ followers ටික දවසකින් නැතුව යනවා.එහෙම නැත්තම් ඒවයින් 10%ක් වත් අපිට ප්‍රයෝජනවත් නෑ.
              මම මෙතනදි කියන්න යන්නේ මූලිකවම බ්ලොග් එකට විසිටර්ස්ලා ගන්න එක ගැන.අපි බ්ලොග් පෝස්ට් එක පබ්ලිෂ් කරද්දි automatically twitter update වෙන්න හදාගත්තට පස්සේ (ඒ ගැන දන්නේ නැත්තම් කමෙන්ට් එකකින් කියන්න.පෝස්ට්  එකක් දාන්නම්) අපේ tweets අදාල අය බලන්න ඕනේ.නැත්තම් re tweet කරන්න ඕනේ.ඒකට ඒ අය අපේ blog එකේ niche එකට කැමති අය වෙන්න ඕනේ.ඒ කියන්නේ මෙහෙමයි අපි blogging tips ගැන බ්ලොග් එකක් කරනවනම් Twitter හරහා සාර්ථක ප්‍රතිඵල ගන්න නම් අපේ Twitter followers ලා blogging tips  ගැන උනන්දුවක් දක්වන අය ඒ ගැන හොයන අය වෙන්න ඕනේ.අර මම කලින් කියපු විදිහට අපිට මේ වගේ Twitter Followers ලා ගන්න බෑ.
මම කියන්න යන්නේ ඒක කරන්න පුළුවන් එක විදිහක් ගැන.එහෙනම් වැඩේ පටන් ගමු.

Aug 1, 2013

බ්ලොග් එකට ට්‍රැෆික් ගන්න SEO පටන් ගමු (SEO 1)

Posted by Unknown at 9:39 PM 1 Comment
                                               
SEO සිංහලෙන්
 SEO කියන්නේ දැනට බ්ලොග් කාරයන් අතර ජනප්‍රිය  වචනයක්.මම කියන්නේ ඉංග්‍රීසි බ්ලොග් වල නිතරම ලියවෙන වචනයක්.ගොඩක් ඉන්දියන් බ්ලොග් ලියවෙන්නේ SEO,Increase web site traffic,back-links ගැන.ඒකට හේතුව ඔය කී වර්ඩ් වලට සෑහෙන ට්‍රැෆික් තියනවා.හැබැයි ඔය ගොඩක් බ්ලොග් වල යන්නේ එකම කතන්දරේ. SEO කියන්නේ මොකද්ද බැක්ලින්ක් කියන්නෙ මොකද්ද SEO කරන්නේ මෙහෙමයි කියන ඒවා තමා.සමහර ඒවා කියවගෙන යද්දි SEO විතරක් නෙවේ බ්ලොග් පිටින්ම එපා වෙනවා.
                            මම ඉංග්‍රිසි බ්ලොග් එක පටන් අරගෙන ඩිරෙක්ටරි ගානේ සබ්මිට් කර කර කට්ට කාලා මාසෙකින් විතර දවසට විසිටර්ස්ලා 300-450 ක් හදා ගත්තා.මම ලියන බ්ලොග් එකත් ටෙක් බ්ලොග් එකක්.ඒකට ඕනේ ලිපි ලියන්න සුද්දන්ගේ බ්ලොග් වෙබ් සයිට් පීරද්දි SEO ගැන තියන ලිපි කියවද්දි මටත් පොඩි ආසාවක් ආවා සර්ච් එන්ජින් වලින් මටත් දවසකට විසිටර්ස්ලා 1000ක් විතර ගෙන්න ගන්න තියනවනම් ගොඩ නේද කියලා.ඒ වෙන කොට SEO ගැන මෙලෝ දෙයක් දැන ගෙන හිටියේ නෑ.මගේ බ්ලොග් එකට පොස්ට් දාන ගමන් මම ඒවා අත්හදා බැලුවා.ටිකෙන් ටික මට තේරුනා බ්ලොග් එකේ ට්‍රැෆික් වෙනදට වැඩිය වැඩියි කියලා.මේ වෙන කොට දවසට 1500 ත් 2000ත් අතර විසිටර්ස්ලා ප්‍රමාණයක් මට ගන්න පුළුවන් උනේ මගේ බ්ලොග් එකට අදාලව මම කරපු දේවල් නිසා.තාමත් මම ඒ දේවල් ගැන හොයමින් ඉන්නවා.
back to top