Oct 20, 2013

Fiverr සල්ලි අතට ගමු & Fiverr Levels

Posted by Unknown at 9:57 AM 0 Comments
                                          E-money කරනකොට බලන්න ඕනේ ප්‍රධාන දෙයක් තමයි අපි හොයන් සල්ලි අවුලක් නැතුව අතට ගන්න පුළුවන්ද බැරිද කියන එක.ඒ විදිහට බලද්දි Fiverr කියන්නේ 200% විශ්වාසවන්ත තැනක්.මොකද මේවෙන කොට දහස් ගානක් සාමාජිකයින්ට එක සතයක් අඩු නැතුව ගෙවන තැනක් තමයි Fiverr කියන්නේ.
                        මම කලින් කිව්ව විදිහට Fiverr වලදි බයර් කෙනෙක් ඕඩර් කරන $5 න් අපිට ලැබෙන්නේ $4 යි.$1 ක් Fiverr තියාගන්නවා.ඕඩර් එකකට දෙකකට මේක අවුලක් නැති උනාට extra එක්ක $50 ක් වගේ කවුරු හරි ඕඩර්එකක් දුන්නොත් අපිට ලැබෙන්නේ $40 යි $10 ක් ම Fiverr ගන්නවා.එක විදිහකට බලපුවහම මේක අපේ සල්ලි ටිකට විදින තැනක් වගේ පෙනෙයි.මොනව කරන්නද නිකන් හිටියොත් ඔය $4 ත් නෑනේ අපිට.මම නම් කියන්නේ $4 ට $20 ක් විතර වටින දේවල් කවදාවත් කරන්න එපා Fiverr වල.ඒක බොරු වැඩක්.Fiverr කියන්නේ සුද්දන්ට ලාබෙට වැඩ කරවගන්න පුළුවන් ලාබ තැනක්.නිකමට හිතන්න හොඳ ලොගෝ එකක් හදන්න designcrowd වල සාමාන්‍යයෙන් $200 ක් විතර දෙනවා.ඒත් සමහර අය අර කොලිටි එකෙන්ම ලෝගෝ එකක් හදනවා $5 කට.ඒ හින්දා $4 වටින දේ නියම කොලිටියෙන් කරන්න.

 Fiverr වල සල්ලි අපි ගන්නේ කොහොමද?
                     බයර් කෙනෙක් අපේ ගිග් එකක් ඕඩර් කරාට පස්සේ අපේ නමට එයාගේ $5ක් Fiverr වල තැන්පත් වෙනවා.මේ සල්ලි අපේ නමට තිබුනත් නෑ වගේ තමයි.ඒ කියන්නේ අදාල ඕඩර් එක කම්ප්ලීට් උනොත් විතරයි අපිට ඒකෙන් $4ක් ලැබෙන්නේ.complete වෙන ක්‍රම දෙකයි.


  1. බයර් අපේ ඩිලිවර් එක ගැන තෘප්තිමත් වෙලා ඕඩර් එක complete කරනවා
  2. බයර් complete නොකර ඩිලිවර් එක ගැන කිසිම ප්‍රතිචාරයක් නොදැක්වුවොත් Fiverr විසින් දවස් 3කින් ඕඩර් එක complete කරනවා.
                    ඔය දෙකෙන් කොයි විදිහට හරි ඕඩර් එක complete උනාට පස්සේ අපේ ගිණුමට අදාල $4 එනවා pending clearance විදිහට.දැන් ඒ මුදල අපේ තමයි හැබැයි අපිට ඒ සල්ලි එලියට ගන්න පුලුවන් වෙන්නේ දවස් 14 කට පස්සේ.Fiverr වල තියන තවත් අවුලක් තමා ඕක.හැබැයි අපේ පැත්තෙන් ඒ විදිහට හිතුවට බයර්ගේ පැත්තෙන් විශ්වාසීදායී බව රැකගන්නයි මෙහෙම කරන්නේ.ඒ කියන්නේ බයර්ට පුළුවන් දවස් 14 ක් ඇතුලත අපේ ඩිලිවර් එක ගැන එයා අසතුටු නම් එයාගේ මුදල් ආපහු ගන්න.ඔන්න ඕකයි කතන්දරේ.

     
              Fiverr වලට ලොග් උනාට පස්සේ Revenues වලින් පෙන්නන්නේ අපේ ඉපයීම් පෙන්නන පිටුව.මොනවා කිව්වත් ඔතනනේ අපිට වැදගත්ම තැන.එතන ගැන පොඩ්ඩක් විස්තරව දැන ගමු.පහල screenshot එක බලන්න


                        ඔය තියෙන්නේ මගේ Revenue පිටුවේ screenshot එකක්.අපි ඔය දේවල් එකින් එක බලමු.(පින්තූරය අපැහැදිලි නම් උඩ ක්ලික් කරන්න)
     මම screenshot එකේ අදාල තැන් බොඳ කරලා තියෙන්නේ ලොකු කමටවත් මම හොයපු ගාන දකියි කියලවත් නෙවෙයි.මම කැමති නෑ මෙන්න මම හොයපු ගාන ඔයාලත් හොයන්න කියලා කියන්න.මොකද එක එක්කෙනාගේ වාසනාව සහ හැකියාව  කැපවීම  අනුව තමයි ඒදේ තීරණය වෙන්නේ.Fiverr  කියන්නේ හරියට කලොත් අපිට ඕනේ වෙලාවට සල්ලි ගන්න පුළුවන් සල්ලි මැෂින් එකක් කියලා විතරක් ඔලුවේ තියාගන්න.

  1. දැනට complete වෙලා නැති ඕඩර්ස්.ඒ කියන්නේ ඒවා ඩිලිවර් කරලා තියන ඒවා හෝ ඩිලිවර් නොකරලා තියන ඒවා වෙන්න පුළුවන්
  2. දැනට Fiverr  මඟින් උපයලා තියන මුළු මුදල (දැන් හිතන්න එපා මෙච්චර හොයලද අපිට Fiverr  ගැන කියන්නේ කියලා.මේ මගේ දෙවෙනි  එකවුන්ට් එකමම ළඟදි පටන් ගත්ත )
  3. Fiverr  වලින් අරන් තියන මුදල මෙතනින් පෙන්නන්නේ
  4. Fiverr  වල තියෙන ගිග් ඕඩර් කරන්න අපි වියදම් කරන මුදල
  5. මේ තියෙන්නේ අර මම කලින් කියපු දවස් 14 ඇතුලත තියන මුදල්.ඒ කියන්නේ තවම clear වෙලා නැති මුදල්
  6. මෙතනින් පෙන්වන්නේ අපිට ගන්න පුලුවන් විදිහට තියෙන මුදල් ($20 ට වැඩි උනාට පස්සෙයි සල්ලි ගන්න පුළුවන්)
Fiverr  වලින් සල්ලි අතට ගන්න පුළුවන් ක්‍රම මොනවද?
                        screenshot එකේ තියන විදිහට available funds විදහට තියන මුදල් ගන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ
  1. Payoneer
  2. Paypal
               (මම කලින් screenshot එකේ 7 , 8 විදිහට පෙන්වලා තියෙන්නේ පේඔනියර් සහ පේපැල් වලින් මුදල් withdraw කරන button දෙක)
                          Payoneer සහ Paypal කියන්නේ ඔන්ලයින් ගණුදෙනු සිදු කරන්න පුළුවන් විදි දෙකක්.මම හිතන විදිහට ගොඩක් අය මීට කලින් Paypal ගැන නම් අහලා ඇති.හැබැයි Payoneer  කියන එක පොඩ්ඩක් අලුත් ඇති.
    මෙතනදි Payoneer  Fiverr එක්ක එකතු වෙලා Fiverr හරහා තමයි අපිට Payoneer card එක ඇප්ලයි කරන්න පුළුවන්.හරියට ඇප්ලයි කලාට පස්සේ මාසෙකින් විතර කාර්ඩ් එක ගෙදරට එනවා.ඒ කාර්ඩ් එකෙන් ලංකාවේ තියන ඕනේ atm එකකින් සල්ලි ගන්න පුළුවන් කිසි අවුලක් නැතුව.
නිවැරදිව Payoneer card එක ඇප්ලයි කරන විදිහ සහ Payoneer card ගැන වැඩි විස්තර,සල්ලි ගද්දි ගන්නේ කොහොමද,Payoneer වල fees ගැන වගේ දේවල් වෙනත් ලිපියකින් කියන්නම්.මොකද ඒ විස්තරත් මෙතන දැම්මොත් අච්චාරු වෙනවා.

              මම හිතන විදිහට මේ වෙන කොට  Fiverr උපයන මුදල් ගන්න විදිහ ගැන මූලික දැනුමක් එන්න ඇති. Fiverr ගැන මම කලින් නොකියපු දෙයක් තමයි  Fiverr levels.ඒ ගැනත් මේ ලිපියෙම කියන්නම්

             අපි  Fiverr වල දිගින් දිගටම සෙලින්ග් කරනකොට අපිට  Fiverr බැජ් තුනක් දෙනවා.මේවා නිකන් පෙනුමට දෙන ඒවා නෙවෙයි.අපි  Fiverr වල සාර්ථක වෙන්න මේ හැම එකක්ම බලපානවා

1. Fiverr level 1 seller
                         අපි Fiverr රෙජිස්ටර් වෙලා මාසයක් ඇතුලත ඕඩර්ස් 10ක් complete කරාට පස්සේ ඔය උඩින් තියනවා වගේ ලෙවල් වන් සෙලර් කියලා ඔය බැජ් එක දෙන්නේ.අපිට ඕඩර්ස් 10 ක් ඇවිත් තිබුනට මදි.ඒ සේරම කම්ප්ලීට් වෙලා තියෙන්නත් ඕනේ.අපි level 1 seller කෙනෙක්  උනාට පස්සේ අපිට පහසුකම් ටිකක් දෙනවා Fiverr විසින්
  • 2X Gig Extra $20 දක්වා (ගිග් එකට අමතරව ඒ ගිග් එකේම තියෙන සේවාවන්)මේ තියෙන්නේ ඒ වගේ Gig Extra පෙන්වන screenshot එකක්


  • Gig Multiple 4 දක්වා      
                          Gig Multiple කියන්නේ එක ගිග් එකකින් ඕඩර් කීපයක් කරන්න පුළුවන් විදිහට දෙන පහසුකමක්.level 1 seller උනාට පස්සේ බයර් කෙනෙක්ට අපේ ගිග් එකෙන් ඕඩර් දාන්න පුළුවන්

2. Fiverr level 2 seller
               මාස දෙකක් ඇතුලත ඕඩර්ස් 50 ක් කරලා පෙන්නුවට පස්සේ තමයි මේ බැජ් එක දෙන්නේ.මේ බැජ් එකත් එක්ක අපිට ලැබෙන්නේ මේවා
  • 2X Gig extra $40 දක්වා 
  • gig multiples 8
  • අපේ විකුණුම් සඳහා  Fiverr  ගෙන් පොඩි සප් එකක්
                   ඒ කියන්නේ level 2 උනාට පස්සේ Fiverr  අපේ විකුනුම් වලට තල්ලුවක් දෙනවා.ගිග් promote කරන වගේ වැඩ

3. Fiverr Top rated  seller
                   මේ තියෙන්නේ  Fiverr කරන කාගෙත් හීනේ top rated seller කෙනෙක් වෙන එක.මේක තීරණය කරන්නේ Fiverr විකුණුම් ධාරිතාව,අපේ ratings වගේ දේවල් බලලා.top rated seller කෙනෙක් වෙන එක මෙච්චර වටින්නේ ඇයි කියලා තේරෙයි ඒ එක්ක දෙන පහසුකම් බලද්දි
  • Fiverr වල 100% විශ්වාසී සෙලර් කෙනෙක් විදිහට අපිව recommend වෙනවා බයර්ලට
  • 4x Gig Extras $100 දක්වා 
  • Gig Multiple 20
  • විකුණුම් සඳහා Fiverr ගෙන් උපරිම සහය
                     මම දන්න හැටියට නම්  top rated  උනාට පස්සේ ඕඩර් ගැන හිතන්න දෙයක් නෑ.මොකද දාන දාන ගිග් එකට ඕඩර්ස් තියනවා මෙහෙම උනාට පස්සේ

            

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 ප්‍රතිචාර:

back to top