Jul 14, 2013

සාර්ථක බ්ලොග් එකක අයිතිකාරයෙක් වෙන්න...

Posted by Unknown at 11:24 AM 4 Comments
                           
  SEO ගැන ලියන පළවෙනි පෝස්ට් එක.මේක බ්ලොග් එකක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා වැඩියෙන්.අපි බ්ලොග් එකක් තනියම ලියලා ( ඒ කියන්නේ කොපි පේස්ට් නැතුව)ඒ බ්ලොග් එක එක්ක ලොකු ගමනක් යන්න හිතන් ඉන්නවා නම් බ්ලොග් එක පටන් ගන්න කලින් හිතන්න පොඩි දේවල් ටිකක් තියනවා.තමන්ගේ අදහස් හරි අනුන්ගේ අදහස් හරි තමන්ගේ වචනෙන් ලියන්න පුළුවන් නම් ඒ ලියන බ්ලොග් එක සාර්ථක වෙනවා කියලා මම කලින් පෝස්ට් එකෙත් කිව්වනේ.
            බ්ලොග් එකක් පටන් ගන්නකොට මුලින්ම හිතන්න ඕනේ අපි ඒක පටන් ගන්නේ මොන ටාගට් එකෙන්ද කියන එක.

  1. ඇඩ්සෙන්ස් වගේ ඇඩ් නෙට්වර්ක් එකකින් සල්ලි හොයන්න
  2. තමන් දන්න දෙයක් අනිත් අයට කියලා දෙන්න
  3. විනෝදයට
            අපි බ්ලොග් එක පටන් ගද්දි හිතේ තියන අදහස අනුව තමයි සම්පූර්ණයෙන්ම බ්ලොග් එකේ වැඩකටයුතු සිද්ධ වෙන්නේ,ඒ බ්ලොග් එකේ රඳා පැවතීම තීරණය වෙන්නේ.මම මුලින් කියලා තියෙන විදිහට බ්ලොග් එකෙන් ඊ මනි හොයන්න තමයි ගොඩක් අය බ්ලොග් එක පටන් ගන්නේ.අනිත් හේතු දෙක ගැන කියනවනම් ඒකට ලොකු මහන්සියක් වෙන්න ඕනේ නෑ.අපේ අරමුණ ඊ මනි නිසා දෙවනි තුන්වෙනි කාරණා දෙක පැත්තකින් තියමු.    
                   

කොහොමද බ්ලොග් එකකින් සල්ලි හොයන්නේ???

                               මුලින්ම මේක ගැන පොඩි අදහසක් දෙන එක හොඳයි කියලා හිතුනා.අපිට බ්ලොග් එකකින් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම කීපයක් තියනවා.

  • ඇඩ් නෙට්වර්ක් එකක ඇඩ් පලකිරීමෙන්
  • ඩිරෙක්ට් ඇඩ් අරගෙන ඒවා පල කිරීමෙන්
  • Fiverr වැනි අඩවියක් හරහා(මේ ගැන දැනගන්න මෙතනට යන්න)
  • microworkers හරහා
  • adf.ly හරහා
  • clickbank හරහා

                             (මේවා සේරම වෙන වෙනම කියලා තියෙන්නේ ඒවගෙ වෙන දේවල් එකින් එකට වෙනස් නිසා.මේ හැම මාතෘකාවක් ගැනම ඉස්සරහට කතාකරන්නම්)
           බ්ලොග් එකේ රඳාපැවැත්ම හා වටිනාකම ගැන කතා කරනකොට වැදගත්ම දේ වෙන්නේ ඒ බ්ලොග් එකට තියෙන ට්‍රැෆික් එක.එහෙනම් බ්ලොග් එකක් පටන් ගන්නත් කලින් අපි හිතන්න ඕනේ අපේ ටාගට් එක වෙන්න ඕනේ අපේ බ්ලොග් එකේ ට්‍රැෆික් එක දවසින් දවස වැඩි කරගන්න ඕනේ කියන එක.ඒකට උදව් වෙන එක දෙයක් තමයි search engine optimization(SEO) කියන්නේ.ඒ  කියන්නේ සර්ච් එන්ජින් හරහා අපේ බ්ලොග් එකට ට්‍රැෆික් එකක් හැදෙන්න අවශ්‍ය වැඩ කටයුතු ටික කරන එක.

බ්ලොග් එකක් මුලින්ම පටන් ගද්දි හොඳට හිතන්න ඕනෙ තව දෙයක් තමයි අපි ලියන්න ඕනේ මොනව ගැනද කියන එක.එතනදි අපේ මාතෘකාව වැඩි ඉල්ලුමක් තියන එකක්ද?ගොඩක් අය ඒ ගැන විස්තර හොයනවද කියන එක ගැන අදහසක් තියෙන්න ඕනේ.හැබැයි කවදාවත් නොදන්න දෙයක් ගැන ලියන්න යන්න එපා.එහෙම උනොත් ඒ බ්ලොග් එකේ පැවැත්ම අඩුයි.ඒ කියන්නේ ඇඩ්සෙන්ස්ලා හෙල්ත් ටිප්ස් වගේ කී වර්ඩ් වලට වැඩියෙන් ගෙවනවා කියලා අපි ඒ වගේ බ්ලොග් එකක් පටන් අරගෙන කරගෙන යන්න  ගියොත් ටික කාලයක් යද්දි අපිට ලියන එක එපා වෙනවා.ඒ නිසා තමන්ගේ හිතේ කැමැත්තක් තියන පොඩි හරි දැනීමක් තියන පැත්තක් තෝරගන්න.ඒ ගැන විස්තර හොයන්න.තමන්ගේ අදහසුත් ඒකට එකත් කරලා තමන්ගේ වචනෙන් ලියන්න.

                  අපි හදාගන්න බ්ලොග් එකේ ට්‍රැෆික් හදා ගන්න හැටි ඉස්සරහට කියන්නම්.

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

4 comments:

  1. මේ පෝස්ට් එක නම් ලියල තියෙන්නෙ ඕනවට එපාවට වගේ :(

    ReplyDelete
    Replies
    1. මේක ලිව්වේමහ රෑ සහෝ ටිකක් නිදි මතේ හිටියේ.ඒ උනාට කියන්න ඕනේ විස්තර ටික කියලා තියනවා
      තෑන්ක්ස් අඩු පාඩු පෙන්නුවට

      Delete
  2. මම ලියන්නෙ විනෝදෙට නොවැ.

    ReplyDelete

back to top