Oct 6, 2013

ඕඩර් එකක් ආවෝ...දැන් මොකද කරන්නේ????

Posted by Unknown at 3:36 AM 0 Comments
                 
fiverr සිංහලෙන්
ෆයිවර් කරන අය දකින්න  කැමතිම වචනේ තමයි "order" අලුතින් ෆයිවර් රෙජිස්ටර් වෙලා ගිග් එකක් හදලා ඕඩර් එකක් ආවහම තියන සතුට කියලා නිම කරන්න බෑ නේ.මමත් ඔය අත්දැකීම ඒ විදිහටම විඳලා තියනවා.රෙජිස්ටර් වෙලා මාසෙකින් විතර තමා මට පලවෙනි ඕඩර් එක ආවේ.ඒ ලැබුනු ඩොලර් හතරේ  දැනුනු වටිනාකම කියලා නිම කරන්න බෑ.කාටත් ඔහොම නේ ඉතින්.
      අද අපි බලමු ඕඩර් එකක් ආවට පස්සේ අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද කියන එක.ඒ ගැන ලිපිය ලියන්නේ උනාට ඒත් එක්කම ගිග් එකක් සාර්ථකව හැදුවට පස්සේ අපි කලයුත්තේ මොකද්ද කියන එක ගැනත් සම්පූර්ණ විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

කලින් ලිපි :

හරි එහෙනම් පටන් ගමු...........
 ෆයිවර් වලදි අපි සෙලර් කෙනෙක් නම් අපිට ලැබෙන්න පුළුවන් දේවල් මෙහෙමයි

1.Orders
2.messages
3.order updates
4.Order Modifications
5.Request for cancellation
6. Feed-backs



1.Orders
       කවුරු හරි අපේ ගිග් එක දැකලා අපේ සර්විස් එක ලබාගන්න $5 ක් ගෙවලා ඕඩර් එකක් දානවා.බයර් කම්ප්ලීට් විදිහට ඕඩර් කරාට පස්සේ අපි ඩිලිවර් කරන්න  දාලා තියෙන කාලයට අනුව ෆයිවර් countdown clock එක පටන් ගන්නවා.

2.messages
           සාමාන්‍යයෙන් අපේ ඕඩර් එකක් ගැන වැඩි දුරට දැන ගන්න ඕනේ උනාම කස්ටමර් කෙනෙක් අපිට මැසේජ් එකක් දාලා අහනවා මේ වගේ වැඩක් තියනවා ඔයාට කරන්න පුලුවන් ද කියලා.ඔන්න ඔතනදි ක්ෂණික රිප්ලයි දෙන එක මාරම වැදගත්.මොකද සමහරවිට එයා අපිත් එක්ක තව සෙලර්ස්ලා කීප දෙනෙක්ටම මැසේජ් දානවා වෙන්න පූලුවන්.සමහර ඉන්දියන් කාරයෝ(ඇමෙරිකන් කාරයෝ නම් මෙහෙම කරන අය අඩුයි) හැම එකාටම මැසේජ් දාලා කුණු කොල්ලෙට තමා වැඩ කරවගන්නේ.ඉතින් අපි ඉක්මනින්
                Hi,Definitely I can do it.Make the order to start your work.
                Thanks
            වගේ රිප්ලයි එකක් දුන්නොත් ඕඩර් එක අපිට ලැබේවි.ඒකට ඊ මේල් ෆෝන් එකට මැසේජ් විදිහට එන්න හදාගෙන තියන එක වැදගත්.ඒ ගැන දන්නේ නැත්තම් අහන්න

 3.order updates
        ඕඩර් එකක් ආවට පස්සේ බයර් අදාල ඕඩර් එක ගැන තව දුරටත් කතා කරනකොට ඒවා අපිට ලැබෙන්නේ order updates විදිහට.සමහරවිට අපේ ඩිලිවර් එකේ සංශෝධන ඕනේ කරන කොට වගේ  order updates  එනවාත.

4.Order Modifications
            අපි ඕඩර් එකක් ඩිලිවර් කරාට පස්සේ අපේ ඩිලිවර් එක ගැන බයර් සෑහීමකට පත් නොවුනම එයාට වෙනස් කිරිම් ඕනේ උනහම ඕඩර් එක රිජෙක්ට් කරනවා.මේක දැක්කහම බය වෙන්න එපා.පුළුවන් තරම් ඉක්මනට අඩුපාඩු ටික හදලා ආයේ ඩිලිවර් කරන්න.

5.Request for cancellation
             ඔන්න අවුලක් එන තැනක්.සමහරවිට නියමිත කාලයට ඩිලිවර් කරන්න බැරි වීම නිසා බයර් ඕඩර් එක කැන්සල් කරන්න කියලා ඉල්ලනවා.නැත්තම් සමහර හේතු මත අපිට කැන්සල් කිරීමක් බයර්ගෙන් ඉල්ලන්න වෙනවා.මේකෙන් ඔයාගේ රේටින්ග් අඩු වෙන්නේ නෑ.හැබැයි බයර් අපිට දීපු සල්ලි සේරම ආපහු එයාට දෙනවා.

6. Feed-backs
             මේ අනිත් වැදගත් දේ.අපි ඩිලිවර් එකක් දුන්නට පස්සේ අපේ සේවාව ගැන බයර් කියන දේ.ගොඩක් බයර්ස්ලා ෆීඩ්බැක් එකක් දාන්නේ නැතු ව යනවා.සමහර වෙලාවට ඕඩර් එක කම්ප්ලීට් කරන්නෙවත් නෑ.ඔටෝ කම්ප්ලීට් වෙන්න දවස් තුනක් යනවා.ඒකට විසඳුමක් විදිහට කරන්න තියෙන්නේ ඩිලිවර් කරද්දි අපි දාන මැසේජ් එකේ
               I will appreciate if you leave me a positive feedback with telling others how satisfied you with my service 
                 කියලා බටර් පාරක් ගාලා ෆීඩ්බැක් එකක් කටින්ම ඉල්ලන එක.එහෙම ඉල්ලඅවත් පාඩු නෑ මොකද positive feedback එකක් කියන්නේ පට්ටම වැදගත් දෙයක්.ඒකෙන් අපේ gig rating සහ overall rating දෙකම වැඩිවෙනවා..gig එකකට තියන positive feedback වැඩි වෙන්න වැඩ් වෙන්න ඒ ගිග් එක ලිස්ට් වල උඩට වැටෙනවා.කවුරුත් කැමති වැඩියෙන් හොඳ අහලා තියන තැනකින් වැඩක් කරවගන්නනේ
       ඒ වගේම එක negative feedback එකකින් පුළුවන් අපේ කිරි කලේට ගොම දාන්න.පුළුවන් තරම් negative feedback  නොදාගන්න කටයුතු කරන්න.එහෙම එකක් තියේ නම් $4 ගැන බලන්නේ නැතුව බයර්ට request for cancellation එකක් යවන්න.gig rate එක කෙසේ වෙතත් overall rate ඒ කියන්නේ අපේ එකවුන්ට් එකේ රේට් එක 100% තියාගන්න එක වටිනවා.


                              ඔන්න ඔය ටික තමයි අපිට දකින්න පුළුවන් අපේ සේල්ස් සම්බන්ධව.order updates හැර අනිත් සේරම අපි ෆයිවර් ලොග් උනාට පස්සේ to do tab එකේ පෙන්වනවා.ඒ මේ විදිහට

Fiverr සිංහලෙන්
පැහැදිලි නැත්තම් පින්තූරය උඩ ක්ලික් කරන්න
       
        ඔය කොල පාටින් 1 ඉලක්කම වැටිලා තියෙන්නේ.order updates වලදි මෙහෙම වෙන්නේ නෑ.ඒක බලන්න නම් අනිවා ඊ මේල් inbox එක එක්ක ටච් එකේ ඉන්න වෙනවා.email to phone as a message වැදගත් වෙන දෙවෙනි තැන ඔතන.
            අපි to do tab එක උඩ ක්ලික් කරලා ගියාට පස්සේ එන්නේ මේ වගේ පේජ් එකක්

Fiverr සිංහලෙන්
පැහැදිලි නැත්තම් පින්තූරය උඩ ක්ලික් කරන්න
             දැන් ඔය අංක කරලා තියෙන විදිහට එකින් එක බලමු.

  1. මේ ගැන මම කලින් කිව්වා වගේ order updates හැර අනිත් පහම මෙතන පෙන්වනවා notification විදිහට.order updates බලන්න පුළුවන් මීට එහා පැත්තෙන් තියන කොලපාට මැසේජ් අයිකන් එක ක්ලික් කරලා
  2. අපිට ඕඩර් එකක් හා සම්බන්ධ නොවන මැසේජ් එකක් ආවහම පෙන්වන්නේ මේ විදිහට.කොලපාට බට්න් එකෙන් මැසේජ් එකට යන්නමේ
  3. ඩිලිවර් කරන්න තියෙන ඕඩර් එකක්.පැය දෙකෙන් කියවෙන්නේ ඩිලිවර් කරන්න තියෙන dead line එකට තියෙන්නේ තව පැය දෙකයි කියන එක (පැහැදිලි නැතත් මීට යටින් තියෙන How was your experience with the buyer කියලා වැටිලා තියෙන්නේ බයර් දාපු Feedback එකකට අපිට re-feedback එකක් දෙන්න තියන එකක්.ඒක අපැහැදිලිව තියෙන්නේ මම ඒකට response කරලා තියන නිසා)
  4. අදාල මාසය තුලදි අපි උපයගත්ත $ ගාන
  5. අපේ overall rating (කලින් විස්තර කරන ලද)
  6. responsiveness මේක ගොඩක් වැදගත් අපිට ලැබෙන මැසේජ් ඕඩර් අප්ඩේට්ස් වලට රිප්ලයි දෙන්න අපි ගන්න කාලය average එකක් විදිහට මෙතන තියෙන්නේ.මේක පැය 3 ක් හෝ ඊට උඩින් තියාගන්න එක වැදගත්
  7. මේතනින් කියවෙන්නේ අපි මිලදී ගන්න ඒව ගැන.ඔයා සෙලර් කෙනෙක් විතරක් නම් මේ ටික වැදගත් නෑ
  8. දැනට අපිට අතට ගන්න පුළුවන් විදිහට තිය $ ගාන.සල්ලි ගන්න නම් මේ ගාන $20 ට වැඩි වෙන්න ඕනේ.ඕඩර් එකක් කම්ප්ලීට් කරාට පස්සේ  (බයර් කම්ප්ලීට් කලේ නැත්තම් දවස් 3 කින් ඔටෝ කම්ප්ලීට් වෙනවා)  දවස් 14 කින් සල්ලි revenue විදිහට එනවා.
         ඕඩර් එකක් ආවට පස්සේ..............
                    දැන් තමයි අද මාතෘකාවට ආවේ.ඒත් උඩින් කියපුවත් කියන්න ම ඕනේ වැදගත් දේවල්.හරි ඕඩර් එකක් ආවා කියමුකෝ.ඊට පස්සේ මේ දේවල් ගැන ඔලුවේ තියාගන්න

  1. පුළුවන් තරම් ඉක්මනට නියමිත කාලයට කලින් ඩිලිවර් කරන්න.express gig විදිහට තියාගන්නවනම් තවත් හොඳයි.ඒ කියන්නේ අපි පැය  24 ක් ඇතුලත් ඕඩර් කරහම අපි ෆයිවර් ගිග් එකට දෙන නම්බුනාමයක්.
  2. එක පාරින්ම බයර්ගෙන් පොසිටිව් ෆීඩ්බැක් එකක් ගන්න හැකිවෙන විදිහට ඕඩර් කරන්න.ඒකට ඕනේ කරන සියලු දේවල් බයර්ගෙන් ඉල්ලන්න.බයර් දෙනකම් බලන් ඉන්න එපා ලේට් උනොත් ඩිලිවර් එක අපිටමයි පාඩු
  3. ග්‍රැෆික් වගේ කරනවනම් (logo/business card/banner/header/cartoon/illustrator....) live portfolio on කරලා තියන එක ගොඩක් වැදගත්.ඒහෙම ඒවා ඩිලිවර් කරන්න හොඳම විදිහ තමයි 700x493 සයිස් එකෙන් අර ලොගෝ එක හරි බැනර් එක හරි අදාල එක දාලා ලස්සනට තවත් ගිග් පික්චර් එකක් විදිහට හදාගන්න fiverr නම එහෙම දාලා.ඒ කරලා ඒක අප්ලෝඩ් කරන්න ෆයිවර් හරහා.බයර්ට අවශ්‍ය දේවල් ටික dropbox හරි mediafire හරි අප්ලෝඩ් කරලා එතනින් ඩවුන්ලෝඩ් කරගන්න කියන්න.අර කලින් ඔයා ලස්සනට හදලා ෆයිවර් අප්ලෝඩ් කරපු පික්චර් එක ඔයාගේ වැඩ ගැන බලන අයට හොඳ නිදර්ශකයක් වෙයි අනිවාර්යෙන්ම 
  4. ඩිලිවර් මැසේජ් එක යවද්දි ගිග් එක සේව් කරගන්න සහ positive feedback දෙකම ඉල්ලන්න.(කලින් කියූ පරිදි)බයර් සතුටු වෙන විදිහේ මැසේජ් එකක් friendly විදිහට යවන්න  “මෙන්න වැඩේ ඉවරයි .හොඳඳ බලපන්“ කියන්නේ නැතුව.
                               උදා:  Hi,I just want to say that your logo has been designed.Check it and let me know if you need any changes on it.I will appreciate if you save my gig for future references and leave me a positive feedback with telling others how you satisfied with my service.
Regards
our name
ඊළඟ  පෝස්ට් එකෙන් හමු වෙමු.ජය!!!!!

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 ප්‍රතිචාර:

back to top