Sep 24, 2013

නිවැරදිව Fiverr රෙජිස්ටර් වෙමු

Posted by Unknown at 8:06 AM 0 Comments
                 Fiverr ගැන කියද්දි ගොඩක් අය මට කිව්ව දෙයක් තමයි මුල ඉඳලම පටන් ගන්න කියන එක.ඒ කියන්නේ Fiverr රෙජිස්ටර් වීමේ ඉඳලම.අලුතෙන් Fiverr  එක්ක සම්බන්ධ වෙන කෙනෙක්ට මේ ගැන නොයෙකුත් විදිහේ ප්‍රශ්න එන්න පුලුවන්.එහෙම එන ප්‍රශ්න ඇහුවොත් තමයි ඒවට උත්තර දෙන්න පුලුවන් වෙන්නේ ඒ හින්දා එන ඕනෙම ප්‍රශ්නයක් කමෙන්ට් එකකින් එහෙමත් නැත්තම් මගේ ඊ මේල් එකට එවන්න.
            හරි Fiverr  මුලින්ම පටන් ගන්න ඉන්න අයට උදව්වක් විදිහට අද අපි බලමු නිවැරදිව ඕඩර්ස් එන විදිහට කොහොමද Fiverr  රෙජිස්ටර් වෙන්නේ කියන එක.Fiverr  වල අපි කරන හැම දෙයක්ම අපේ එකවුන්ට් එකේ රේට් වැඩිවෙන්න කොලිටිය වැඩි වෙන්න ඒ වගේම ඕඩර්ස් එන්න යම් විදිහට හේතු වෙන විදිහට බලපානවා.ඒ නිසා හැම දෙයක්ම කරන්න ඕනේ මූලික දැනුමක් ඇතුව කියන එක මුලින්ම කියන්න ඕනේ.

      USA විදිහට Fiverr register වෙන එක තමයි වැදගත්.ගොඩක් අපේ ගිග් ඕඩර් කරන්නේ ඇමෙරිකන් කාරයෝ.එතකොට අපි ලංකාවේ විදිහට register වෙලා හිටියොත් අපිව ගනන් ගන්නේ නැති සීන් එකක් තියනවා.එතකොට අපේ කඩ්ඩේ  මිස්ටේක් එකක් උනොත් උන්ට සෑහෙන අවුල් ඒක.හැබැයි USA විදිහට හදලා  අපි ගහන කඩ්ඩ එච්චර කේස් එකක් වෙන්නේ නෑ.ඔය දේ ඔලුවේ තියාගන්න.සමහර සුද්දෝ ලංකාව කොහෙද කියලවත් දන්නේ නැති වෙන්න පුළුවන්.



හරි විදිහට USA විදිහට IP change කරගන්න මේ ලිපිය බලලා ඉන්න.

Fiverr .com මුලින්ම ගියහම එන්නේ මේ වගේ වින්ඩෝ එකක්.


මම උඩින් දාලා තියෙන විදිහට JOIN හරි GET STARTED NOW කියන බට්න් උඩ හරි ක්ලික් කරලා රෙජිස්ටර් වීමේ මූලික පියවරට යන්න.

1.E-mail address එක
                         පුළුවන් නම් ෆයිවර් වලට වෙනම E-mail එකක් අලුතින් හදා ගන්න.මොකද ඉස්සරහට අපි ඊ මෙල් එකට එන මේල් සේරම ෆෝන් එකට එන විදිහට හදා ගන්නවා.එතකොට වෙනත් සයිට් වල රෙජිස්ටර් වෙලා හිටියොත් ඒ සේරම ෆෝන් එකට මැසේජ් විදිහට එනවා.ඒක කරදරයි.මේ  ඊ මේල් එක හදා ගැනීමේදි IP එක බලපාන්නේ නෑ.සාමාන්‍යයෙන් හදන විදිහට හදා ගන්න.

2.අපිව Fiverr වල පෙන්වන username එක
                       මේක වැදගත් දෙයක්.අපි හදාගන්න username එක තියෙන්නේ අපිට විතරයි.හදා ගත්තට පස්සේ අපිට වෙනස් කරන්න බෑ.ඒ වගේම තමයි Fiverr වල අපේ කොලිටිය වැඩි කරන්න මේ username එක බලපානවා.
                     ඒක වෙන්නේ මෙහෙමයි.සාමාන්‍යයෙන් අපි එක කැටගරි එකක් ඔස්සේ එකවුන්ට් එකක් හදන එක තමයි වැදගත්.සලාදේ වගේ හැම එකක්ම එකකට ඔබා ගන්නවට වඩා තනි ෆීල්ඩ් එකක ඉඳන් එකවුන්ට් එකක් හැදුවොත් අපි කරන දේවල් ගැන බයර්ස්ලට ඇති වන විශ්වාසය වැඩියි.ඒ කියන්නේ ග්‍රැෆික් නම් ඒ අදාල ගිග් විතරක් , seo නම් ඒකට අදාල විදිහට , web designing/html වගේ නම් ඒකට අදාල විදිහට .............
                එතනදි username එක දාද්දි ඇත්ත නම දාන එක අත්‍යවශ්‍ය නෑ.අපි කරන දේවල් username එකෙන් හයිලයිට් වෙන විදිහට username  එක create කරගන්න.

Graphic design නම් killer_design/design_club/creative_star වගේ ගැලපෙන නමක්
SEO කරන්න හිතන් ඉන්නවනම් seo_expert/SEO_club ..................

            මම කියලා  තියෙන්නේ දැන් මගේ හිතට ආපු පොඩි උදාහරණ ටිකක් විතරයි.තමන් කරන්න යන දේට අදාලව ඊට ගැලපෙන නමක් මෙතනට දා ගන්න පුළුවන්.USA විදිහට එකවුන්ට් එක හදනවනම් තමන්ගේ නම විදිහට english නමක් යූස් කරන්න.ඒක ඉස්සරහට වැදගත් වෙන්නේ නෑ.

3 සහ 4 නිවැරදි ව සම්පූර්ණ කරගෙන රෙජිස්ටර් වීම සම්පූර්ණ කරන්න.

දැන් අපිටම කියලා Fiverr account එකක් තියනවා.එතනින් පස්සේ තව කරන්න පොඩි වැඩ ටිකක් තියනවා ගිග් එකක් හදන්න කලින්.
දැන් තියෙන්නේ අපේ profile එකේ details ටික සම්පූර්ණ කරගන්න.අපේ profile settings වලට ගියහම මේ වගේ වින්ඩෝ එකක් එයි

1.PROFILE PHOTO
                    සාමාන්‍යයෙන් Fiverr කියන විදිහට නම් අපේ රියල් ෆොටෝ එකක් ප්‍රොෆයිල් පික් එක විදිහට යූස් කරන එක තමයි වැදගත්.ඒත් අපි ගොඩක් වෙලාවට USA විදිහට account එක හැදුවොත් ඒ විදිහට කරන්න අමාරුයි.ඒ නිසා account එකේ අපි කරන්න ඉන්න දේට අදාලව profile pic එක create කරගන්න.

2.SOMETHING ABOUT YOU
                       මෙන්න මේ ටිකත් ගොඩක් වැදගත්.අපි ගැන අපේ හැකියාව ගැන යම් දෙයක් කියන්න පුලුවන් මෙතනින්.අපි කරනවා කියන දේට අපි expert කියන එක කියවෙන විදිහට description එක දා ගන්න.My target is satisfy my clients with a quality deliveries .........වගේ දෙයකුත් කියන්න.

3.අපිව contact කරගන්න පුළුවන් language එක
                     English add කරගන්න මෙතනට.ඒ හැර වෙනත් භාෂාවන් දන්නවනම් ඒවත් දාන්න.

     කියලා තියන විදිහට සම්පූර්ණ කරගෙන save දෙන්න.

Fiverr වල මූලිකව කරගන්න ඕනේ දේ ඉවරයි.ඊට පස්සේ තියෙන්නේ ගිග් එක create කරන්න.ඕඩර්ස් එන විදිහට නිවැරදි ව ගිග් එකක් හදාගන්නේ කොහොමද කියන එක ඊළඟ පෝස්ට් එකෙන් කියන්නම්.

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 ප්‍රතිචාර:

back to top