Sep 19, 2013

Internet එකෙන් සල්ලි හොයමුද? කොහොමද පටන් ගන්නේ?

Posted by Unknown at 9:43 PM 0 Comments
                         කලින් දාන්න ඕනේ පෝස්ට් එකක් අද දාන්න යන්නේ ඊ මනි කරන්න හිතන් ඉන්න අයට පොඩි අදහසක් ගන්න.මුලින්ම E dollar වල පෝස්ට් වැටෙනකල් බලන් ඉන්න අයගෙන් සමාව ඉල්ලනවා ලියවෙන වේගේ අඩු එකට.ප්‍රධාන හේතුව වෙලාව නැති එක.ඇඩ්සෙන්ස් තියන english blog එකකුත් maintain කරගෙනයි fiverr කරනගමන් මෙතන පෝස්ට් දාන්නේ.ලියන්න නම් දේවල් ගොඩක් ඔලුවේ තියනවා.බට් ඒ සේරම දේවල් ලියන්න මට තියන free time එක අඩුයි.ඒත් අනිවාර්යෙන් ලංකාවේ අපේ කොල්ලන්ට ගොඩ යන්න පුළුවන් මම දන්න දේවල් සේරම මෙතන ලියනවා.මේ බේලොග් එකට කරන උදව්වක් විදිහටත් ඊ මනි කරන්න බලාගෙන ඉන්න අයට කරන උදව්වක් විදිහටත් මම ඔයාලගෙන් ඉල්ලනවා ඔයාලට මෙතන යම්කිසි පෝස්ට් එකක් වැදගත් උනා නම් ඒ ගැන උනන්දුවෙන් ඉනන් අනිත් අයටත් මේ ගැන දැනුවත් කරන්න කියලා.හොඳම තැන facebook .share කරන්න ගැජට් එකක් පෝස්ට් එක අවසානෙට තියනවා.
E money
 මම මේ පෝස්ට් එක දාන්න ප්‍රධාන හේතුව උනේ geek.lk එකේ මම දැකපු ප්‍රශ්න වගයක් හින්දා.ඊ මනි නවකයෝ ගොඩක් වෙලාවට කරන චෝදනාවක් තමයි හරියට කියලා දෙන තැනක් නෑ වටෙන් යනවා විතරයි කියන එක.ඇත්තටම ඒක හරි.අපිට ඉනිමඟක උඩට නගින්න බෑ මුල් ටික නඟින්නේ නැතුව.ඒ නිසා ඊ මනි කරන අයට ලියනවා වගේම කරන්න ඉන්න අයටත් මේ ගැන කියලා දෙන එක වටිනවා.මම ඒ විදිහට දැකපු එකම තැන තමා I plus බ්ලොග් එක.මම ඊ මනි වලට අතගැහුවෙත් ඒ හරහා මුලින්ම.ඒත් අවාසනාවකට ඒක දැන් අප්ඩේට් වෙන්නේ නෑ.ඒකත් හේතුවක් උනා E-ඩොලර් පටන් ගන්න.හරි එහෙනම් අද මාතෘකාවට එමු.


Internet එකෙන් සල්ලි හොයනවා කියන්නේ මොකද්ද?
                 Internet එක හරහා ගෙදර ඉඳලා සල්ලි හොයන එක.අපේ වචනෙන් කියනවනම් ඊ මනි.ඊ මනි කියන්නේ ජොබ් එකක් කරන,ජොබ් එකක් නොකරන,ඉගෙන ගන්න අයට,බාල මහලු මේ කාටත් වැදගත් දෙයක්.ප්‍රධාන හේතුව අද වෙන කොට ජීවත් වෙන එක අභියෝගයක් වෙලා තියන එක ප්‍රමාණවත් තරම් සල්ලි නැතුව.
                 අපි මෙහෙම හිතමු.රැකියාව විදිහට ත්‍රී වීල් එකක් හයර් කරන කෙනෙක් ඉන්නවා උදේ හයේ ඉඳලා හැන්දෑවේ හය වෙනකල්.ඊට පස්සේ එයාගේ දවසේ තව පැය 12ක් ඉතුරු තියනවා.ඒකෙන් පැය 6ක් නිදා ගත්තොත් තව පැය හයක් ඉතුරුයි.හරියට ඊ මනි කරොත් ඔය පැය හය ප්‍රයෝජනයට අරගෙන මාසෙට තීවිල් එකෙන් හොයනවට වැඩිය තුන් හතර ගුණයක් උපයන්න පුළුවන්.
              ගෙදර ඉඳගෙන තමන්ගේ හැකියාව පාවිච්චි කරලා ඩොලර් ලංකාවට ගෙන්වන එකයි අපේ ටාගට් එක.නිතමට හිතන්න මේ වෙන කොට ඩොලර් එකක් රු.133 ට වැඩියි.අපි කොහොම හරි කරලා දවසට ඩොලර් දහයක් අඩුම හෙව්වොත් දවසක ආදායම රු.1330 යි.ඕක හීනයක් නෙවේ.හරි මඟපෙන්වීමක් තියනවනම් තමන්ගේ හැකියාවත් එක්ක කරන්න පුළුවන් දෙයක්.
  (සමහර අය කියනවා අපිට ග්‍රැෆික් බෑ වෙබ් ඩිසයිනින්ග් බෑ අපිට මොනවද කරන්න පුළුවන් කියලා.ඒ අය දන්නේ නැති උනාට එයාලට ගොඩයන්න පුලුවන් skill එකක් තියනවා හැමෝටම.ඒ තමයි උනන්දුව.උනන්දුව තියනවා නම් අනිත් දේවල් nothing)

AD click (BUX Site) කියන්නේ හොඳ ඊ මනි කරන්න පුළුවන් විදිහක්ද?
               ඊ මනි කරන්න පටන් ගන්න අය කරන්න ගිහිල්ලා නාගෙන ආයේ  ඊ මනි වචනේ දිහවත් බලන්නේ නැත්තේ ඔන්න ඔය ජරාව හින්දා.ගොඩක් අය ඊ මනි කරනවා කියන එක හිතන් ඉන්නේ ඇඩ් ක්ලික් කරන එක විදිහට.මම ඒක අත්දැකීමෙන් ම දන්නවා.සමහර අයට “මචන් ඊ මනි වලට බහිමු.හොඳට හොයන්න පුළුවන් “ කිව්වහම උත්තරේ තමා “අපෝ ඇඩ් ක්ලික් නේද?අපි ඕවා කරලා දැන් ගොඩක් කල්.මෙලෝ රහක් නෑ දවසටම සත ගාණක් හෙව්වැහැකි.බොරු වැඩ“.ඔය තත්වෙට හේතුව රෙෆරල්ලා උපයා ගැනීමේ අරමුනෙන් මාසෙට රු.50,000 ක් අන්තර්ජාලයෙන් උපයන්න කියලා ලස්සනට බැනර් හදලා ෆේස්බුක් එකෙයි පත්තර වලයි ඇඩ් දාන Bux අයියලාගේ වැඩ.
                        Ad click කියන්නේ තනිකරම විහිළුවක්.තමන්ගේ ඩේටා නාස්ති කරගෙන වෙන කෙනෙක්ට හම්බ කරන්න ඕනේ නම් ඇඩ් ක්ලික් කරන්න කිසි අවුලක් නෑ.මොන ඇඳුම ඇඳගෙන ආවත් බක්ස් කියන්නේ ජරාවක්ම තමයි.ඇඩ් ක්ලික් කරනවනම් ගොඩක් අය හිතන්නේ රෙෆරල්ලා හොයා ගත්තහම හොඳට හොයන්න පුළුවන් කියලා.ඒ හින්දා තමන්ගේ රෙෆරල් ලින්ක් එක හැම තැනම දදා රෙෆරල්ලා හොයනවා.හැබැයි ඒ අයට අමතක වෙන දෙයක් තමා ඒ රෙෆරල්ලා ඇක්ටිව් උනොත් විතරයි තමන්ට ගානක් හම්බෙන්නේ කියන එක.
               මාසෙකට හිතේ හැටියට Internet එකෙන් ගානක් අතට ගන්න නම් මුලින් ම ඇඩ් ක්ලික් අමතක කරන්න.මාසෙට මෙච්චර හොයන්න පුළුවන් කියලා දෙන වදන් වලට අහුවෙන්න එපා.මම වගකීමෙන් කියනවා මම කියන ඒවත් එක්ක හරියට වැඩට බැස්සොත් පලවෙනි මාසෙන්ම රු10000 ක් (අවම) හොයන්න පුළුවන් කියන එක.හැබැයි නිකන් ඉඳලා නම් ඒදේ කරන්න බෑ.            

සාර්ථකව අන්තර්ජාලයෙන් උපයන්නේ කොහොමද?
                ඕනේ තරම් ක්‍රම තියනවා.හැබැයි අපි කරන්න ඕනේ අපිට හරියන එක.forex තමයි හොඳම කියලා කවුරු හරි forex වලින් පටන් ගන්නවනම් ඒක විහිළුවක්.මොකද ඒ වගේ දේකට හොඳ දැනීමක් තියෙන්න ඕනේ.පාර දැනගෙන ගමන ගියොත් තමයි හරි තැනට යන්න පුළුවන් වෙන්නේ.
                     Internet එකෙන් සල්ලි හොයන්න කවුරු හරි කැමැත්තෙන් ඉන්නවනම් පටන් ගන්න  හොඳම තැන තමා Fiverr.මම ආයෙත් Fiver ගැන විස්තර කරන්න යන්නේ නෑ.මෙතනින් ගිහින් වැඩි විස්තර බලන්න.
                           මොකද්ද මේ සල්ලි දෙන උල්පත fiverr | ෆයිවර් -1
       
            මෙතින් පස්සේ අපිට ටිකෙන් ටික ඉස්සරහට යන්න පුළුවන් ගානක් අතට ගන්න ගමන්ම.ෆයිවර් වල කරන්න පුළුවන් දේවල් විස්තරව කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට E ඩොලර් වලින්.වෙලාව තියන විදිහ ඒ ටික ලියන්නම්.

මේ තියෙන්නේ එහෙම දාපු පෝස්ට් එකක්

               අනිත් වැදගත් දේ තමයි කඩ්ඩ සාමාන්‍යයෙන් තියනවනම් english blog  එකක් ලියන්න පටන් ගන්න.දවසට එක ගානේ පෝස්ට් ලියන්න.මුලින්ම මහ ලොකු ට්‍රැෆීක් එකක් නැති වෙයි.ඒත් නතර කරන්න එපා.දවසක ඒ බ්ලොග් එක ඔයාගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙයි.ලියන්න පොඩි අයිඩියා එකකුත් දෙන්නම්.ටෙක් පැත්තට තමයි ගොඩක් පැවැත්ම තියෙන්නේ.
ඒ කියන්නේ,
blogging tips
make money online
social marketing
search engine optimization
wordpress
online marketing
        වගේ ඒවා.blog tips ගැන ඕනේ තරම් ඉන්දියන් බ්ලොග් තියනවා.ඒවා බලලා තමන්ගේ අදහසුත් දාලා තමන්ගේ වචනෙන් ලියන්න.කොපි කරන්න එපා.බ්ලොග් එක step by step seo කරන්න.ඒ කරන ගමන් ඕනෙනම් කරන විදිහ ගැනත් ආර්ටිකල් ලියන්න පුළුවන් අපි කරන දේගැන.SEO කරන විදිහ ගැන මමත් කතා කරමින් ඉන්නවා මේ බ්ලොග් එකේ.ඒවත් බලන්න.තව ඉස්සරහට කියලා දෙන්නම් බ්ලොග් එකේ ට්‍රැෆික් වැඩි කරගන්න විදිහ.මොනම හරි ප්‍රශ්නයක් තියේනම් කමෙන්ට් එකකින් අහන්න.
dilushanuwan@gmail.com මේ තියෙන්නේ මගේ ඊ මේල් එක.කාට හරි සම්බන්ධ කරන්න ඕනේ නම් මේල් එකක් දාන්න.
          

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 ප්‍රතිචාර:

back to top