Aug 1, 2013
බ්ලොග් එකට ට්‍රැෆික් ගන්න SEO පටන් ගමු (SEO 1)
SEO කියන්නේ දැනට බ්ලොග් කාරයන් අතර ජනප්‍රිය වචනයක්.මම කියන්නේ ඉංග්‍රීසි බ්ලොග් වල නිතරම ලියවෙන වචනයක්.ගොඩක් ඉන්දියන් බ්ලොග් ලියවෙන්නේ SEO,Increase web site traffic,back-links ගැන.ඒකට හේතුව ඔය කී වර්ඩ් වලට සෑහෙන ට්‍රැෆික් තියනවා.හැබැයි ඔය ගොඩක් බ්ලොග් වල යන්නේ එකම කතන්දරේ. SEO කියන්නේ මොකද්ද බැක්ලින්ක් කියන්නෙ මොකද්ද SEO කරන්නේ මෙහෙමයි කියන ඒවා තමා.සමහර ඒවා කියවගෙන යද්දි SEO විතරක් නෙවේ බ්ලොග් පිටින්ම එපා වෙනවා.
මම ඉංග්‍රිසි බ්ලොග් එක පටන් අරගෙන ඩිරෙක්ටරි ගානේ සබ්මිට් කර කර කට්ට කාලා මාසෙකින් විතර දවසට විසිටර්ස්ලා 300-450 ක් හදා ගත්තා.මම ලියන බ්ලොග් එකත් ටෙක් බ්ලොග් එකක්.ඒකට ඕනේ ලිපි ලියන්න සුද්දන්ගේ බ්ලොග් වෙබ් සයිට් පීරද්දි SEO ගැන තියන ලිපි කියවද්දි මටත් පොඩි ආසාවක් ආවා සර්ච් එන්ජින් වලින් මටත් දවසකට විසිටර්ස්ලා 1000ක් විතර ගෙන්න ගන්න තියනවනම් ගොඩ නේද කියලා.ඒ වෙන කොට SEO ගැන මෙලෝ දෙයක් දැන ගෙන හිටියේ නෑ.මගේ බ්ලොග් එකට පොස්ට් දාන ගමන් මම ඒවා අත්හදා බැලුවා.ටිකෙන් ටික මට තේරුනා බ්ලොග් එකේ ට්‍රැෆික් වෙනදට වැඩිය වැඩියි කියලා.මේ වෙන කොට දවසට 1500 ත් 2000ත් අතර විසිටර්ස්ලා ප්‍රමාණයක් මට ගන්න පුළුවන් උනේ මගේ බ්ලොග් එකට අදාලව මම කරපු දේවල් නිසා.තාමත් මම ඒ දේවල් ගැන හොයමින් ඉන්නවා.
SEO ගැන මේ බ්ලොග් එකේ ලියන්න මම හිතාගත්තේ මම කරපු දේවල් කරන දේවල් ඔයාලටත් කියලා දෙන්න.මුලින් ම කියන්න ඕනේ.ඉස්සරහට SEO ගැන වැටෙන ලිපි එකක්වත් professional වෙන්නේ නැති වෙයි.ඒ කියන්නේ මගේ බලාපොරොත්තුව ඔයාලගේ බ්ලොග් වලට SEO උදව්වෙන් විසිටර්ස්ලා ගෙන්නලා දෙන එක මිසක් ඔයාලට SEO ගැන එක්සෑම් එකක් ලියන්න SEO ගැන උගන්න එක නෙවේ.ඔක කලින් කියලා ඉන්න ඕනේ මොකද අපේ සමහර වැඩ්ඩෝ කියන්න පුලූවන් මම ලියන පෝසට් වලට අඩෝ SEO කියන්නේ ඕක නෙවෙයි.මෙන්න හරි තේරුම ඕකෙ කියලා.මට ඕනේ ඒ තේරුම ගැන ඔයාලට කියලා දෙන්න නෙවේ ඔයාලගේ බ්ලොග් එකේ ටැෆික් වැඩි කර ගන්න හැටි කියලා දෙන්න.එහෙනම් වැඩේ පටන් ගමු.
SEO කියන්නේ මොකද්ද?
SEO කියලා හඳුන්වන්නේ search engine optimization කියන එක.ඕකට බයවෙන්න එපා.අපි මෙහෙම හිතමු.අපි කවුරුත් බ්ලොග් එකක් ලියන්නේ ඒකෙන් ආදායමක් බලාපොරොත්තුවෙන්.එහෙම නැති අයට මේ SEO වලින් වැඩක් නෑ.අපි ලියන බ්ලොග් එකේ වටිනාකම තහවුරු කරන ප්‍රධානම සාධකය තමයි බ්ලොග් එක කියවන්න දවසකට එන විසිටර්ස්ලා ගාන.ඒ ගාන වැඩි නම් අනිවාර්යෙන් ඒ බ්ලොග් එකේ වටිනාකම වැඩියි.SEO කියන්නේ බ්ලොග් එකේ වටිනාකම වැඩි කරග්නන උදව් වෙන තවත් එක දෙයක්.ඒ කියන්නේ අපේ බ්ලොග් එකට සර්ච් එන්ජින් හරහා සාර්ථක ට්‍රැෆික් එකක් හදාගන්න එක තමයි SEO කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ.මේ වෙන කොට සර්ච් එන්ජින් අතරින් වැඩියෙන්ම ජනප්‍රිය වෙලා ඉන්නේ Google,Yahoo,bing,MSN වගේ එවා.ඒවා හරහා අපේ බ්ලොග් එකට විසිටර්සලා ගෙන්න ගන්න එක තමා අපේ ටාගට් එක වෙන්න ඕනේ.
බ්ලොග් එකක් සර්ච් එන්ජින් එකක සබ්මිට් කල පමණින් ඔය දේ අපිට බලාපොරොත්තු වෙන්න බෑ.මෙහෙම හිතමු.අපි ගූගල් වල යම් දෙයක් ගැන සර්ච් කලොත් අපි රිසල්ට් ලක්ෂ ගණනින් එනවා.අපි බලාපොරොත්තු උන දේ ගැන හොයන්නේ පලවෙනි පිටු කීපයේ විතරයි.අපේ බ්ලොග් එක ගැන හිතුවොත් සාර්ථක ප්‍රතිපල ගන්න නම් අපේ බ්ලොග් එකත් අදාල කී වර්ඩ් වල සර්ච් ලිස්ට් එකේ උඩට ගේන්න වෙනවා.එතකොට තමා අපිට සාර්ථකව විශාල ප්‍රමාණයක් අපේ බ්ලොග් එකට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ.
කොහොමද අපි අපේ බ්ලොග් එක සර්ච් ලිස්ට් එකේ උඩට ගන්නේ?
මේ දේට තමයි අපි SEO වලට අදාලව කරන්න ඔනේ දේවල් කරන්න ඕනේ.යම් බ්ලොග් එකකට සර්ච් ලිස්ට් එකේ උඩට එන්න නම් ඒ බ්ලොග් එකේ අදාල ස්ර්ච් එන්ජින් රෑන්ක් එක වැඩි වෙන්න ඕනේ.සරළව අපි ගූගල් සර්ච් එන්ජින් එක ගැන හිතුවොත් ගූගල් ට තියනවා program එකක් සර්ච් එන්ජින් වල සබ්මිට් වෙලා තියන වෙබ් සයිට් බ්ලොග් අතර සැරිසරන.මේවට සාමාන්‍යයෙන් search engine crawlers කියනවා.මෙන්න මේ මකුළුවා(අපි සරලව මකුළුවා කියමු) එක එක කී වර්ඩ් වලට අදාලව හැම බ්ලොග් එකකටම රිංගලා බලනවා.ඒ වෙන කොට අපි අපේ බ්ලොග් එක ඔය මකුළුවට අහුවෙන්න හැදුවනම් මකුළුවා අපේ බ්ලොග් එකට ලකුණු දෙනවා.ලකුණු වැඩි නම් ඒ ඒ කී වර්ඩ්ස් වලට අදාලව අපේ බ්ලොග් එකෙ ස්ර්ච් ලිස්ට් එකේ උඩට එනවා.
සාර්ථකව සර්ච් එන්ජින් වලින් ප්‍රතිපල ලබන්න SEO කරන්න දවසින් දෙකෙන් බෑ.අපි බ්ලොග් පෝස්ට් වලට දාන වචන/මාතෘකාව/පින්තූර/අපි ලියන විදිහ මේ හැම දෙයක්ම SEO වලට බලපානවා.මේ හැම දෙයක් ගැනම ඉස්සරහට සරලව කියලා දෙන්නම්.
Tags: SEO උදව්
-
ඕඩර් එන සාර්ථක ගිග් එකක් හදමු
-
Orders එන විදිහට Fiverr රෙජිස්ටර් වෙමු | ඩොලර් හොයන ට්‍රික්ස්
-
Fiverr Negative Feedback වලින් බේරෙන්නේ කොහොමද?
-
Fiverr top secret tip 13ක්......
-
සිංහල බ්ලොග් එකට Google traffic ගමු
-
Facebook,Twitter විකුණලා ලේසියෙන් සල්ලි හොයමු I Fiverr 2
-
සාර්ථක බ්ලොග් එකක අයිතිකාරයෙක් වෙන්න...
-
නිවැරදිව Fiverr රෙජිස්ටර් වෙමු
-
blog එක top search engine 15 කට දාගමු | SEO 2
-
Fiverr සල්ලි අතට ගමු & Fiverr Levels
ජනප්‍රිය ලිපි
ලිපි වර්ගීකරණය
ෆයිවර්
(15)
Fiverr මූලික කරුණු
(10)
Fiverr රහස්
(7)
SEO උදව්
(5)
increase traffic
(5)
blogger tips
(3)
Gig Ideas
(2)
twitter
(2)
Fiverr new Updates
(1)
facebook
(1)
ඇඩ්සෙන්ස්
(1)



Facebook
Twitter
Google+
Rss Feed
niyamayi.mage blog ekath man seo patan gaththa witharai.thama visitorsla 10-20k wage dawasata
ReplyDeletezero-tec.blogspot.com meke thawa monada adupadu kiyala kiyanna balala