Mar 17, 2014

english blog එකෙන් Fiverr ඩොලර් හොයන්න

Posted by Unknown at 1:32 AM 0 Comments
  ගොඩක් අය ඉංග්‍රීසි බ්ලොග් කරන්න අකමැතියි.හේතුව වෙලාව ගත කරලා පෝස්ට් ලිව්වට මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබෙන්නේ නැති නිසා.සමහර වෙලාවට ඇඩ්සෙන්ස් ගන්න බෑ දුක් විඳලා ඇඩ්සෙන්ස් ගත්තත් ක්ලික් වලින් හම්බෙන ගාන සොච්චමයි.ඔය වගේ දේවල් හින්දා ඉංග්‍රිසි බ්ලොග් කරන එක ටිකක් අඩු වෙලා තියෙන්නේ.ඒත් මම මේ කියලා දෙන්න යන්නේ  ෆයිවර් සහ ට්‍රැෆික් තියෙන ඉංග්‍රිසි බ්ලොග් එකක් යොදා ගෙන කොහොමද සාර්ථකව ඊ මනි හොයන්නේ කියන එක ගැන.
                 ක්‍රමය තමයි ෆයිවර් හරහා බ්ලොග් එකට ඩිරෙක්ට් ඇඩ්වටයිසින්.මේක ගොඩ දෙනෙක් නොකරන දෙයක්.ෆයිවර් එකේ උනත් මේදේ කරන අය අඩුයි.මම මගේ කලින් ඉංග්‍රිසි බ්ලොග් එකට ට්‍රැෆික් ටිකක් හදාගෙන මේ වැඩේට බැස්සේ නිකමට හිතිලා.ස්ත් කරගන යද්දි තමයි තේරුනේ කොච්චර වටින දෙයක්ද කියන එක.අවාසනාවකට සහ මම කරපු වැරදි කීපයක් හින්දා මගේ බ්ලොග් එක බෑන් උනා.ඊට පස්සේ ගිග් එක සස්පෙන්ඩ් කරන්න උනා.ඒකේ ස්ක්‍රීන් ෂොට් එකක් පහලින් දාන්නම්.
                   මම රතුපාටින් රවුම් කරලා තියෙන්නේ දැනට ගිග් එකෙන් හොයලා තියෙන ගාන.
සම්පූර්ණ ගාන $1,004 ක් කියලා පේනවා ඇති.
ඒ ගාන කෙසේ වෙතත් මම මගේ ෆයිවර් එකවුන්ට් එක තත්වයකට ගත්තේ ඔය ගිග් එකට පින් සිද්ධ වෙන්න.හරි එහෙනම් දැන් කරන විදිහ ගැන කියන්නම්.


             මුලින්ම මේ වැඩේට අවම මාසෙකට විසිටර්ස්ලා 500 ක් ඉන්න ඕනේ.මේ විදිහේ ගානක් ඉන්නවා කියලා පෙන්නන්න විදිහකුත් තියෙන්න ඕනේ.හොඳම විදිහ තමයි http://www.histats.com/.

අපි ගිග් එක හදන්නේ අපේ බ්ලොග් එකට ඇඩ් ගන්නවා කියලා මාසෙකට.
මම ඇඩ් බැනර් වල සයිස් එක ගැනයි දාන තැන් ගැනයි දල අදහසක් දෙන්නම්.


                        බ්ලොග් එකේ එක පේජ් එකක ස්කෙච් එකක් ඔය තියෙන්නේ.
1.බ්ලොග් එකේ හෙඩර් එකට පැත්තකින් සම්මත ප්‍රමාණය 468x60 px
2.හෙඩර් එකට යටින්  468x60 px ඇඩ් යුනිට් 4ක්
3.slide bar එකේ 125x125 px ඇඩ් යුනිට් 8 ක්
4.පෝස්ට් එක අවසානයේ 300x300 px  ඇඩ් එකක්

                         මම දීලා තියෙන්නේ දල අදහසක් විතරයි.ඔය තියෙන ගනන අඩු කරගන්න වැඩි කරගන්න තමන්ට පුළුවන්.විසිටර්ස්ලට කරදරයක් නොවන විදිහට පුළුවන් තරම් ඇඩ් දාන්න කියලා මන්නම් කියන්නේ.

       මේ තියෙන්නේ මිල ගනන් මාසයක් සඳහා.තමන්ගේ බ්ලොග් එකේ ට්‍රැෆික් අනුව මේවා වෙනස් කරගන්න.
            125x125 px  ඇඩ් ස්පේස් එකක මිල $5
            468x60 px    ඇඩ් ස්පේස් එකක මිල $10
            300x300 px  ඇඩ් ස්පේස් එකක මිල $15
            
මේ වැඩේට ගැලපෙන හොඳ ටෙම්ප්ලේට් එකක් හොයා ගන්න.HTML එක එඩිට් කරන්න වගේ දේවල් ලේසි විදිහේෙ.html එඩිට් කරන ඒවා ගූගල් පොඩ්ඩක් ස්ර්ච් කරලා බලන්න දන්නේ නැත්නම්

 අපි බයර් දෙන ග්‍රැෆික් ඇඩ් එක කොහෙට හරි අප්ලෝඩ් කරලා ඒ ලින්ක් එක අරගෙන කෝඩ් එකක් විදිහටයි දාන්නේ.ඒ ගැන දන්නවා ඇති කියලා හිතනවා.
        125x125 ඇඩ් යුනිට් එක දාගන්න විදිහ මෙතනින් ගිහින් බලන්න

             තව දෙයක් තමයි බැනර් එක අප්ලෝඩ් කරලා ලින්ක් එක නිකම්ම දාන්නේ නැතුව ගූගල් වලින් ෂෝර්ට් කරලා දාන්න.එතකොට කවුරු හරි එයාගේ ඇඩ් එකට විසිට් පෙන්නන්න කියලා ඉල්ලුවොත් බය නැතුව දෙන්න පුලුවන්.
               වැඩ ගොඩක් තියෙන වෙලාවක කියන්න ඕනේ දේ පුළුවන් තරම් කෙටි කරලා ලිව්වේ.මඟ ඇරුනු දේවල් ඇති.මගේ පෝස්ට් එකෙන් අදහසක් අරගෙන ඒකට තමන්ගේ හැකියාවත් එකතු කරලා සාර්ථක වැඩක් පටන් ගන්න එහෙනම්.

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 ප්‍රතිචාර:

back to top