Dec 1, 2013

Fiverr top secret tip 13ක්......

Posted by Unknown at 4:00 AM 0 Comments
Fiverr

සාර්ථක ගිග් එක Fiverr විකුනුම් වල හදවතයි
            ඔයා හදන ගිග් එක ඔයාට මාසෙකට $150-$200 ක් උපයලා දෙන ගිග් එක වෙන්න පුළුවන්.ඒ නිසා ගිග් එකක් හදන කොට ටිකක් හිතලා සුපිරි ලේබලෙන් තියන්න පුළුවන් ගිග් එකක් හදන්න.තමන් කරන්න හිතන් ඉන්න ජාතියේ රේට් තියන ගිග් එකක් අරගෙන ඒකේ සේරම කොපි කරගෙන ගූගල් එකෙන් සයිස් එකවත් ෆිට් වෙන්නේ නැති පික්චර් එකක් අරගෙන විනාඩි 5න් ගිග් එක හදනවට වඩා පැය බාගයක් එහෙමත් නැත්නම් විනාඩි 45 ක් පැයක් අරගෙන ඔයා ගිග් එක හැදුවත් පාඩු නෑ ඒ ගිග් එක Fiverr පිලිගන්න සුපිරි ලේබලෙන් තියනවනම්.Fiverr යම් යම් දේවල් බලාපොරොත්තු වෙනවා සාර්ථක ගිග් එකකින්.සුපිරි ගිග් එකක් හදන හැටි දැනගන්න මේ පෝස්ට් එක බලන්න.

Description එක වචන ටිකක් විතරද?
         සමහර විට ගිග් වල stats පෙන්වන තැන clicks වැඩි ප්‍රමාණයක් තිබිලත් ඕඩර් අඩුගානක් එන බව දකින්න පුළුවන් වෙයි.අන්න එතනින් ඔයා තේරුම් ගන්න ඕනේ ඔයාගේ ගිග් එක පැහැදිලි කිරීම එහෙමත් නැත්නම් gig description එක දුර්වලයි කියන එක.ඔයාගේ ගිග් එකට ලැබිලා තියන ක්ලික් එක කියන්නේ ගොඩක් වටින දෙයක්.යම් කෙනෙක් ඇවිල්ලා ඔයාගේ ගිග් එකේ මාතෘකාවයි ගිග් බැනර් එකයි වීඩියෝ එකයි දැකලා ගිග් එක විසිට් කරනවා.ඒත් description එක දැක්කහම ආපහු හැරෙනවා.
        ඒ නිසා අපි අපේ ගිග් එක ගැන විස්තර කරන්න ඕනේ ඒක කියවන කෙනෙක්ට බයි කරන්න හිතෙන විදිහට.මුලින් ම හිතන්න ඕනේ අපි සෙලර් විදිහට නෙවේ බයර්  විදිහට.ඒ කියන්නේ අපි ඕඩර් එකක් දාන්න හිතාගෙන යනවා කියන එක ඔලුවේ තියාගෙන description එක දාන්න ඕනේ.කොටින්ම short & sweet.පත හෑලි දානවට වඩා කියන්න ඕනේ දේ කෙටියෙන් පැහැදිලිව කියන්න.ඒ අතරතුරට අනිවාර්යෙන් ඇතුලත් වෙන්න ඕනේ ටිකක් තියනවා.

  • බයර් ඔයාගේ ඩිලිවර් එක ගැන 100% satisfy වෙනකල් රිවිෂන් කරනවා කියන එක
  • ඔයාගේ  ගිග් එකෙන් කරනව කියල තියන දේට ඔයා තමයි ෆයිවර් වල දක්ෂම කෙනා කියන එක
  • පණිවිඩ වලට ඉක්මන් ප්‍රතිචාර දක්වනවා සහ ඉක්මනින් ඩිලිවර් කරනවා  කියන එක
  • ඔයාගේ ගිග් එක ඔඩර් කිරීමෙන් බයර්ට ලැබෙන වාසි
            ඔය ටික හරියට දාලා හොඳ කඩ්ඩෙන් description  එක ලියන්න.කොටින්ම දිල හෑලි වල අනවශ්‍ය දේවල් දාන්න එපා.කවුරු හරි ඔයාගේ description බලන කෙනෙක් එන්නේ ඕඩර් එකක් දාන අදහසින්.සමහර වෙලාවට එයාට ඒක ඉක්මනට කරගන්න ඕනේ.එයාට ඕන දේ ඔයාගේ description එකේ තිබුනොත් අනිවාර්යෙන් ඕඩර් කරනවා ගිග් එක.
            තවත් දෙයක් ඩිස්ක්‍රිප්ෂන් එකේ අවසානෙට 
Thank You
Your Name
         දාන්න.Your Name කියන තැනට ඔයා එකවුන්ට් එකෙන් පෙනී හිටින නම දාන්න.මේ කියන්නේ ඔයාගේ යූසර් නේම් එක නෙවේ.යූස් විදිහට එකවුන්ට් එක හැදුවනම් ඒකට හරියන නමකින් පෙනී හිටින්න.(Jhon/Jenny/Jack/Peter ....) අර විදිහට ඔයාගේ නම දැම්මට පස්සේ බයර්ස්ලට ඔයාව contact කරගද්දි ලේසියි.

Positive Feedback වලින් ඕඩර් ගොඩ දාන්න

         සාමාන්‍යයෙන් පොසිටිව් ෆීඩ්බැක් වලින් වෙන්නේ අපේ ගිග් එකේ එකවුන්ට් එකේ රේටින් හැදෙන එක.ඒක අපි කරන දෙයක් නෙවෙයි ෆයිවර් වලින් ඔටෝමැටිකලි කරන දෙයක්.ඒත් මේ පොසිටිව් ෆීඩ්බැක් වලින් අපිටත් වැඩ ගන්න  පුළුවන්.පොසිටිව් ෆීඩ්බැක් වර්ග කීපයක් තියනවා.
 Thumbs Up,Good work,Thanks,Great වගේ ඒවා එච්චර වටින ෆීඩ්බැක් නෙවෙයි.මම මට වැටුන වටිනාකමින් වැඩි ෆීඩ්බැක් ටිකක් දාන්නම්.

I requested graphic design assistance from this artist after another artist did not complete the work. This artist, completed the request in a very timely manner and made a change that I requested in less than 5 minutes! AMAZING! Thank You!!!!

This is one of the best gigs on Fiverr. They will go the extra mile to make sure you are fully satisfied with their service.Many thanks again SJ

Awesome! thank you so much! Excellent work and super fast turn around! Will definitely be saving this one and using again!

            ඔන්න ඔය ජාතියේ ෆීඩ්බැක් එකක් බයර්ගෙන් ගන්න ට්‍රයි කරන්න හැමවෙලාවෙම.සාමාන්‍යයෙන් කවුරු හරි ඔයාගේ ගිග් එකේ description  එක බලලා ඕඩර් කරන්න කලින් බලන දේ තමයි අඩුපාඩු මොනවද කියන එක.ඒ කියන්නේ නෙගටිව් මොනාද කියන එක.ඒ අස්සේ අපි අපිට බයර්ලා දාලා තියෙන වටිනා කමෙන්ට් ටිකක් පෙන්වන්න ඕනේ.ඒක කරන්න ඕනේ මෙහෙමයි ගිග් එකට යටින් පොසිටිව් ෆීඩ්බැක් තිබුනට සමහර විට ඒවා වැඩිවෙන්න වැඩි වෙන්න වටින ෆීඩ්බැක් ලිස්ට් එකේ පහලට ගිහින් අර මම කලින් කිව්ව ජාතියේ ඒවා උඩට එනවා.ඒ නිසා මුලින්ම හොඳ ෆීඩ්බැක් ටිකක් තෝරගන්න(4 ක් විතර).එහෙම තෝරගද්දි ඔයාගේ සර්විස් එක ඉක්මන්,ආයේ බයි කරනවා,හොඳ සේවවාක්,බයර් සතුටු වෙනකල් මොඩිෆිකේෂන් කරලා දුන්නා වගේ ඒවා තියෙන ඒවා ගන්න.ඊට පස්සේ description  එකේ පහලින්ම Customer Reviews කියලා බයර්ගේ නමත් එක්ක අර ෆීඩ්බැක් එක දාන්න.ඒ දාද්දි බයර්ගේ නම් ටිකක් ලොකුවට දාන්න.මේ දේ කරන කොට ඔයාගේ දවසගානේ ඕඩර් එන ගිග් වලට කරන්න එපා මොකද ගිග් එඩිට් කරන කොට සමහර වෙලාවට ලිස්ට් වලින් අයින් වෙනවා.හොඳට පොසිටිව් ෆීඩ්බැක් තියනවනම් ඕඩර් එන්නේ නැති ඒවට මේ විදිහට කරන්න.

Gig Extra වලින් වැඩ ගන්න
                ගොඩක් අය ගිග් එක හදද්දි extra වලින් වැඩ ගන්නේ නෑ හරියට.ෆයිවර් එන ගොඩක් සුද්දෝ එන්නේ ලාබෙට වැඩ කරවගන්න.ඒ නිසා ගිග් extra දාද්දි මේ ගැන හිතන්න.

  • ඩිස්කවුන්ට් දෙන්න.ඒ කියන්නේ අපි කරන්නේ ලොගෝ නම් extra වලින් $10කට ලොගෝ දෙකක් නෙවේ 3ක් හදනවා කියලා දාන්න.
  • ගිග් එකට අදාල අනිත් ගිග් ඒ ගිග් එකේම විකුනන්න.කියපු එක තේරුනාද දන්නේ නෑ.ඒ කියන්නේ ඔයාගේ එක ගිග් එකකින් extra වලින් තව ගිග් එකක් සෙල් කරන්න.ෆේස්බුක් ලයික් නම් දෙන්නේ ඒවගේ බයර්කෙනෙක්ට හරියන වෙනත් ඔයාට කරන්න පුළුවන් දෙයක් ඒ  ගිග් එකේම extra වල දාන්න.
ඩිලිවර් කරන වෙලාව ගැන හිතන්න
             ඕඩර් එකක් ආවට පස්සේ පුළුවන් තරම් ඉක්මනට ඩිලිවර් කරන්න.24 hours express delivery ලේබලෙන් තියාගන්න පුළුවන් නම් ඒ ගිග් එකට සට සට ගාලා ඕඩර් එයි.පුළුවන් තරම් ලේට් නොවී තියාගන්න ට්‍රයි කරන්න.මොකද ලේට් ඩිලිවරි ගිග් එකේ රේට් අඩුවෙන්න බලපාන බව ෆයිවර් කට්ටිය කියලා තියනවා.අනිත් දේ තමයි ගොඩක් අය දන්නේ නෑ මේ ලේට් ඩිලිවරි අපේ ගිග් එකට වැටෙක Days On Average කියන එකට බලපානවා කියන දේ.ඒ කියන්නේ අපි දවසකින් ඩිලිවර් කරනවා කියලා තිබිලා ඕඩර් කීපයක් ලේට් උනොත් පැය විසිහතරට වඩා වැඩියෙන් අරක 2 Days On Average කියලා ඔටෝමැටිකලි වෙනස් වෙනවා.ඊට පස්සේ ඕක අපිට එඩ්ට් කරන්න බෑ.එක දිගට පැය 24 කලින් ඩිලිවර් කරොත් ආයේ දවසකට වෙනස් කරගන්න පුළුවන්.එහෙම දවස් දෙකකට වෙනස් උනාට පස්සේ මතක තියාගන්න දවසින් වාඩ කරගන්න ඕනේ අය අපේ ගිග් එක ඕඩර් කරන්නේ නෑ.ඒකට කරන්න තියෙන්නේ title එක දාද්දි ඒකේ අවසානෙට deliver less than in 24 hours දිග වැඩි නම් less than in 24 hrs විදිහට දාන එක.

strong positive feedback හැම බයර්ගෙන්ම ගන්න + Deliver Message
        මම කලින් කිව්වා මේ විදිහේ පොසිටිව් ෆීඩ්බැක් වටිනවා කියලා.ඒවා ගන්න විදිහ ගැනත් කියන්නම්.

            පළවෙනි දේ තමා මේදේ ඇතුලත්ව හැම ඕඩර් එකක්ම ඩිලිවර් කරන විදිහේ මැසේජ් ලේඅවුට් එකක් හදාගන්න.මේ වගේ ඩිලිවර් මැසේජ් එකක් බලන්න.
      
  Dear Sir/Madam or Buyer Name,I have completed your order.Please check it and let me know if you need any changes on it.I will appreciate if you save my gig for future references and leave me a positive feedback with telling others how satisfied you are.
Regards
Your Name

ඕකේ සිංහල තේරුම මේකයි.
        මම ඔයාගේ ඕඩර් එක ඉවරකරලා තියනවා.ඒක චෙක් කරලා තවදුරටත් මොනවහරි ඕනෙනම් දන්නවන්න.ඔබ මගේ ගිග් එක අනාගත වැඩ වලට සේව් කරගන්නවනම් සහ ඔබ මගේ සේවාව ගැන සතුටු වෙන්නේ කොහොමද කියලා මට පොසිටිව් ෆීඩ්බැක් එකක් දෙනවනම් මම ඒක අගය කරනවා.
           ඔය විදිහේ මැසේජ් එකකින් වැඩ කීපයක් වෙනවා.
  1. අපේ ගිග් එක බයර් ලවා සේව් කරගන්නවා (gig saving වල වැදගත් කම දන්නවනේ)
  2. strong positive feedback එකක් බයර්ගනේ ඉල්ලනවා
  3. order reject කරගන්න එක වලක්ව ගන්නවා.
  4. Buyer Name එකෙන් කතා කරන කොට බයර් එක්ක සුහදතාවය වැඩි වෙනවා.(බයර් නම අපිට දෙනවනම් සර් මැඩම් කියනවට වඩා ඒ නමින් කතා කරන්න.සුද්දෝ ඒකට කැමතියි)
       හරි දැන් බලමු strong positive feedback ගන්න කරන්න පුළුවන් දේවල් 
  • පුළුවන් තරම් කලින් ඩිලිවර් කරන්න.වෙලාවට කලින් ඩිලිවර් කරා කියලා බයර් සැටිස් වෙලා ඒක ෆීඩ්බැක් එකේ දානවා
  • ඩිලිවර් කරපු අයිටම් එකේ වෙනස් වීම්/modification ඉල්ලුවහම බයර්ගේ හිත සතුටු වෙන විදිහේ මැසේජ් එකක් දාන්න ඉක්මනට ඒක කරලා දෙන්න බැරිනම්.(I got it.Give me few hours to fix it  වගේ එකක්) නැත්නම් පුලුවන් තරම් ඉක්මනට ඒක කරලා දෙන්න.බයර් ඒ ගැන කියාවි
  • අර කලින් කියලා තියන මැසේජ් එකක් යැව්වට පස්සේ බයර්ට පොසිටිව් ෆීඩ්බැක් එකේ  මම දාලා තියෙන උදාහරණ වල වගේ Will definitely be saving this one and using again! වගේ කෑල්ලක් දාන්න හිතෙයි.
  • ඔයාගේ සේල්ස් වලදි බයර් එක්ක seller-Buyer ට වඩා friendly සම්බන්ධතාවක් හදාගන්න.සුද්දෝ කැමති එහෙම.
  • එක පාරින් බයර්ගේ හිත සතුටු වෙන විදිහේ කොලිටි ඩිලිවර් එකක් දෙන්න ට්‍රයි කරන්න
                    ගොඩක්ම වැදගත් දේ තමයි සුද්දෝ ඕනෙම දේක කොලිටිය මනින්නේ ඒක පාවිච්චි කරපු අයගේ අදහස් වලින්.ඒකයි ෆයිවර් වලදි උනත් ෆීඩ්බැක් වලට ඔච්චර තැනක් දීලා තියෙන්නේ.

බයර්ලාගෙන් එන මැසේජ් වලට ඉක්මන් පිළිතුරු
                ගොඩක් වෙලාවට අපේ ගිග් එක ඕඩර් කරන්න කලින් මේ දේ කරන්න පුළුවන්ද?මේ වෙලාවට කරන්න පුළුවන් ද? ආදී විදිහට අපිට මැසේජ් එවනවා.ඔන්න ඔතනදි ඔලුවේ තියාගන්න ඕනේ දෙයක් තමයි මේ මැසේජ් එක එවන්නේ අපිට විතරක් නෙවේ කියන එක.ඉක්මන් සහ හිත සතුටු වෙන විදිහේ රිප්ලයි එකක් ආපු ගමන් මෑන් ඒ ගිග් එක ඕඩර් කරනවා.මේකට මූණ දෙන්න වැඩ දෙකක් කරන්න ඕනේ.
  1. නිදි මරන්න පුළුවන් කම
  2. ෆයිවර් මැසේජ් ෆෝන් එකට ගන්න
          මුල් එක ගැන කිව්වොත් අපිට රෑ උනාම තමයි සුද්දන්ට දවල්.ගොඩක් ඕඩර් එන්නේ රෑ 12න් පස්සේ කියලා දන්නවනේ.ඔය වෙලාවට ඇහරලා ඉඳලා මම ඕනතරම් වැඩ විනාඩි ගානෙන් ඉවර කරලා තියෙනවා.අනිත් දේ තමයි ෆයිවර් මැසේජ් ඒ කියන්නේ ඊමේල් ඔයාගේ ෆෝන් එකට ගන්න එක.මේක කරන්න පුළුවන් විදි 2ක් තියනවා.
  1. http://www.aluth.com මෙතනින් ගිහින් ගූගල් හරහා වැඩේ කරගන්න පුළුවන්ග.මම ඔය විදිහගැන හරියටම දන්නේ නෑ මමත් දැන ගත්ත දෙයක්.මම භාවිතා කරන්නේ පහල තියන විදිහ.හැබැයි ඒකට mms වැඩ කරන ෆෝන් එකක් ඕනේ.
  2. මේ විදිහෙදි කරන්නේ මෙහෙමයි
                   Gmaill account >>>>settings >>> Forwarding and POP/IMAP >>> Add a forwarding address >>> 

Dialog නම්
077xxxxxxx@mms.dialog.lk
Mobitel නම්
071xxxxxxx@mms.mobitel.lk

phone එකට එන කෝඩ් එක දාලා වෙරිෆයි කරන්න
මම දන්නේ ඔය දෙකට විතරයි.අනිත් කනෙක්ශන් වලට මේක කොහොමද දන්නේ නෑ.
    
              ඔය විදිහට ෆෝන් එකට මැසේජ් එද්දි මහරෑ අපි ඇහැරිලා ෆෝන් එකෙන්ම නෙට් ලොග් රිප්ලයි කරන්න ඔයා වැඩේ කරලා දෙන්නම් කියලා.නිදිමතේ ඔය වැඩේ කරන්න බෑ කියලා හිතුවට ටික කාලයක් යද්දි ඕක පුරුදු වෙනවා.දැන් මම කරනවා වගේ :)
             
Fiverr වල සෙලර් උනත් බයර් විදිහට ඉන්න
          සාර්ථකව ෆයිවර් ගොඩයන්න නම් ප්‍රධාන රහස ඕකයි.ඒ කියන්නේ ගිග් එකක් හදන්න කලින්,ගිග් එකේ ටයිටල් එක description,tag,gig extra,gig video,gig picture ඒ හැමදෙයක්ම කරනකොට අපි සෙලර් විදිහට හිතලා වැඩක් වෙන්නේ නෑ.හැමවෙලාවකම හිතන්න ඔයා ගැණුම්කරුවා විදිහට.මොනවද බලාපොරොත්තු වෙන්නේ title එකේ වැඩිපුරම බලන්නේ මොනවද,ඔයා ගිග් එකක් බයි කරන්න් යනවනම් ඒ ගිග් එකේ description එකේ මොනවද බලන්නේ,ඔයා ෆයිවර් වල ගිග් එකක් සර්ච් කරනවනම් ඒ ගිග් එක සර්ච් කරන්න දාන tags මොනවද ඔය විදිහට හිතන්න.

Gig Tags හරියට භාවිතා කරන්න
             Gig tags කියන්නේ ගොඩක් වටින දෙයක්.මේවා හරියට යොදාගත්තොත් ඒවා ඕඩර් එන්න කෙලින්ම බලපානවා.ටැග් දාන්න කලින් මුලින්ම ඔයා ගිග් එක හදපු ප්‍රධාන කීවර්ඩ් එක(ඒ කියන්නේ ලෝගෝ ඩිසයින් නම් logo)ටැග් වලට දාන්න.ඊළඟට හිතන්න ඒ සම්බන්ධව ගිග් සර්ච් කරද්දි බයර්ලා යූස් කරන්න පුළුවන් කීවර්ඩ් මොනවද කියල.උදාහරණයක් විදිහට ලෝගෝ නම් modern logo යන වචනේ තමයි දැන් ගොඩක් පාවිච්චි වෙන්නේ.ඒ නිසා නිකන්ම ලොගෝ නැතුව modern logo designs විදිහට දාන්න.ඒක title එකටත් ඇතුල් කරගන්න මතක තියාගන්න.ප්‍රධානම දේ ගිග් එකේ ටැග් දාද්දි හිතන්න අපි බයර් නම් අපි ඒ මේ ජාතියේ ගිග් එකක් සර්ච් කරන්න පාවිච්චි කරන කීවර්ඩ් මොනවද කියල.ඒවා ටැග් වලට දාන්න.

සුද්දෝ කැමති friendly කතා කරනවට
                අපෙන් සර්විස් එක ගන්නේ බොහෝ දුරට සුද්දෝ.ඒ අස්සේ ඉන්දියන් කාරයොත් ඉන්නවා වැඩ ලාබෙට කරගන්න.ඒ කොහොම උනත් මැසේජ් එකක් දැම්මොත් සහ ඕඩර් එකක් කම්ප්ලීට් කරද්දි බයර්ට friendly කතා කරන්න.Sir කියලා කතා තරනවට වඩා නම කියලා කතා කරන්න පුළුවන් තරම්.ඒ කතා කරන විදිහ බලපානවා දිගටම අපෙන් සර්විස් එක ගන්න.මගෙන් දැනට $100ට වැඩිය වැඩ කරගත්තු ඇමරිකන් කාරයෝ 6-7 ක් ඉන්නවා දැනට.positive feedback එකට reply කරද්දිත් නම දන්නවනම් නමෙන් ෆීඩ්බැක් එකට රිප්ලයි කරන්න.

Account කීපයක් තියනවනම් පරිස්සමින්
                  ගොඩක් අයට Fiverr account එකකට වැඩිය තියනවා.එහෙම කියලා හැමෝම තව එකවුන්ට් එකක් හදන්න යන්න එපා තියන එකවුන්ට් එක හොඳට maintain කරගෙන යන්න.account දෙකක් තියනවනම් නොකල යුතු වැඩ කීපයක් තියනවා.

  • එකකින් අනිත් එකේ ගිග් buy කිරීම
  • Gig save කිරීම
  • එකකින් අනිත් එකේ positive feedback නොදැමීම
  • එකවුන්ට් දෙකේම එක කැටගරි එකෙන් ගිග් සෑදීමේදී එකම title,description,gig pictures භාවිතා කිරීම
Modification පුළුවන් තරම් අඩු කරගන්න
                  විශේෂයෙන් ඔයා කරන්නේ Modification එන්න ඉඩ තියන ගිග් නම් (Logo,banners,business cards............)පුළුවන් තරම් එන  Modification අඩු කරගන්න බලන්න.ගොඩක් වෙලාවට බයර්  Modification  දාන්නේ අපේ සර්විස් ගැන ෂුවර් නැත්තනම් විතරයි.බයර් අපේ ඩිලිවර් එක ගැන සැටිස් වෙනකල් revision කරනවා කියන එක බයර්ට අඟවන්න.description එකේ ඒ ගැන කියන්න.ඒ වගේම ඩිලිවර් එක දාද්දි ඒ දාන මැසේජ් එකේ 
             Let me know if you need any changes
වගේ දෙයක් කියන්න.එතකොට බයර් දන්නවා අපි modification කරලා දෙන බව.ඊට පස්සේ බයර් අපේ Deliver එක reject කරන්නේ නෑ බොහෝ දුරට.මැසේජ් එකකින් ඕනේ දේ කියනවා.
      ඒ එක්කම අපි දැන ගන්න ඕනේ  modification ආවොත් ඒවගේ අවාසි මොනවද කියන එක.ප්‍රධානම දේ තමයි  modification ඩිලිවර් කරනකල් අපේ countdown එක වැඩ කරනවා.ඒ කියන්නේ අපි පැය 24කින් ගිග් එක ඩිලිවර් කරලා  modification එකක් ඇවිත් ඒක ඩිලිවර් කරන්න පැය 24ට වැඩිය ගියොත් අපේ ගිග් එකේ average time එක වෙන්නේ 2 Days.
       තව දෙයක් තමයි එක පාරින්ම ඕඩර් එක ඩිලිවර් කරලා පොසිටිව් ෆීඩ්බැක් එකක් ගන්න ට්‍රයි කරන්න.අනිත් දේ තමයි පුළුවන් තරම් ඉක්මනට ඕඩර් එක ඩිලිවර් කරන්න.
      Order delivered in timely manner
             කියලා positive feedback එකක් ලැබෙයි අනිවාර්යෙන්ම.Quick service එක නිසා ආයේ ඕඩර් කරන්නත් බලපායි ඒක.

Rate නොවුන අලුත් ගිග් වලට Order ගමු
               සාමාන්‍යයෙන් රේට් උනේ නැති අලුත් ගිග් වලට ඕඩර් එකක් දාන්න කවුරුත් පොඩ්ඩක් අදි මදි කරනවා.ඕඩර් එකක් අරගෙන ඒ ගිග් එක රේට් කරගත්තොත් ඒ ගිග් එකට ඕඩර් එන්න තියන චාන්ස් එක වැඩියි.
                ඔයාලගේ මෙහෙම ගිග් තියනවනම් කරන්න පොඩි වැඩක් තියනවා ඕඩර් ගන්න.ඒ තමයි අපි දෙන්න ටාගට් කරන් ඉන්න සර්විස් එකට වඩා දෙයක් මුලින් දෙනවා.මෙහෙම හිතමු  අපි කරන්නේ ලෝගෝ නම් title එකට දානවා logo 3ක් ඩිසයින් කරනවා කියලා ගිග් එක දානවා $5 කට.ඕඩර් එකක් හරි දෙකක් දාගෙන රේට් කරගත්තට පස්සේ title එක එඩිට් කරන්න පුළුවන්.









Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 ප්‍රතිචාර:

back to top