Aug 14, 2013

Genuine විදිහට Twitter followers ලා වැඩි කර ගමු

Posted by Unknown at 8:28 AM 0 Comments
         
 Twitter කියන්නේ අපේ බ්ලොග් එකකට traffic ගන්න පුළුවන් හොඳ තැනක්.ඒ කියන්නේ අපේ බ්ලොග් එක promote කර ගන්න.clickbank වල සේල්ස් වැඩි කරගන්න/ගිග් promote කරගන්න වගේ ගොඩක් වැඩ වලටත් Twitter ගොඩක් වැදගත්.අපිට Twitter followers ලා වැඩි කරගන්න ඕන තරම් social site තියනවා.ඒ වගේම fiverr වලින් උනත් followers 10,000+ උනත් $5 ට ගන්න පුළුවන්.හැබැයි අවුල තියෙන්නේ අපි ගන්න ඒ followers ටික දවසකින් නැතුව යනවා.එහෙම නැත්තම් ඒවයින් 10%ක් වත් අපිට ප්‍රයෝජනවත් නෑ.
              මම මෙතනදි කියන්න යන්නේ මූලිකවම බ්ලොග් එකට විසිටර්ස්ලා ගන්න එක ගැන.අපි බ්ලොග් පෝස්ට් එක පබ්ලිෂ් කරද්දි automatically twitter update වෙන්න හදාගත්තට පස්සේ (ඒ ගැන දන්නේ නැත්තම් කමෙන්ට් එකකින් කියන්න.පෝස්ට්  එකක් දාන්නම්) අපේ tweets අදාල අය බලන්න ඕනේ.නැත්තම් re tweet කරන්න ඕනේ.ඒකට ඒ අය අපේ blog එකේ niche එකට කැමති අය වෙන්න ඕනේ.ඒ කියන්නේ මෙහෙමයි අපි blogging tips ගැන බ්ලොග් එකක් කරනවනම් Twitter හරහා සාර්ථක ප්‍රතිඵල ගන්න නම් අපේ Twitter followers ලා blogging tips  ගැන උනන්දුවක් දක්වන අය ඒ ගැන හොයන අය වෙන්න ඕනේ.අර මම කලින් කියපු විදිහට අපිට මේ වගේ Twitter Followers ලා ගන්න බෑ.
මම කියන්න යන්නේ ඒක කරන්න පුළුවන් එක විදිහක් ගැන.එහෙනම් වැඩේ පටන් ගමු.


1. මුලින්ම අපේ බ්ලොග් එකේ niche එකට අදාල සාර්ථක බ්ලොග් ටිකක් තෝරගන්න Twitter followers     ලා වැඩියෙන් ඉන්න.(හොඳ රෑන්ක් එකක් තියෙන)
2.ඒ බ්ලොග් වල Twitter page යන්න.මේ තියෙන්නේ එහෙම twitter page එකක්.
3.FOLLOWERS කියන තැන ක්ලික් කරන්න.ඔය ඉන්නේ අපේ බ්ලොග් එක ගැන උනන්දුවක් දක්වන අය.
          සරලව කියනවනම් මේ මෙතඩ් එක "You follow me,I follow you back"වගේ දෙයක්.Twitter message  අස්සේ ඔහොම ඒවා දැකලා ඇති.අපි මෙයාලව ෆලෝ කරනවා ඊට පස්සේ මෙයාලා අපි ගැන බලලා අපිව ෆලෝ කරනවා.
මෙතනදි අපේ twitter page එකේ පෙනුම වැදගත්.ඒ කියන්නේ අපේ බ්ලොග් එක ගැන පොඩි විස්තරයක් එතන තියෙන්න ඕනේ අපේ බ්ලොග් එක ගැන අදහසක් ගන්න පුළුවන් විදිහේ.හරියට මේ වගේ

ඔච්චරයි කරන්න තියෙන්නේ.අපි follow කරන අයගෙන් කොටසක් අපිව follow කරයි.

එතකොට වැඩේ ඉවරද?නෑ පොඩි අවුලක් තියෙනවා.twitter account එකක අපි ෆලෝ කරන ගාන අපිව ෆලෝ කරන ගානට වැඩි උනොත් ඒක strong twitter එකක් වෙන්නේ නෑ.
    අපි මේ කරන වැඩෙන් අපි ෆලෝ කරන ගොඩක් අය අපිව ෆලෝ කරන්න තියෙන අවස්ථාව අඩුයි.
එතකොට අපි කරන්න තියෙන්නේ ඒ අයට අපිව ෆලෝ කරන්න කියන එක හරි නැත්තම් ඒ අය unfollow කරන එක.
කොහොමද ඒකට අපි ෆලෝ කරපු අපිව ෆලෝ නොකරන අය හොයා ගන්නේ?

ඒකට තියෙනවා පොඩි tool එකක් TweepDash කියලා
එහෙනම් වැඩේ පටන් ගමු TweepDash වලින්

1.මුලින්ම TweepDash වලට ලොග් වෙන්න ඔයාගේ twitter එකෙන්
2.ලොග් උනාට පස්සේ කොලම් 3ක් තියනවා පෙනෙයි celeb,fans,friends කියලා
   celeb කියන්නේ අපි ෆලෝ කරපු අපිව ෆලෝ නොකරන අය
   fans කියන්නේ අපිව ෆලෝ කරපු අපි ෆලෝ නොකරන අය
   friends කියන්නේ අපිත් ෆලෝ කරන අපිවත් ෆලෝ කරන අය
3.දැන් celeb කියන කොලම් එකෙන් පෙන්නනේ අපිට ඕනේ කරන අය
4.ඒ අයව unfollow කරන්න කලින් පොඩි වැඩක් තියනවා කරන්න.අපිව ෆලෝ කරන්න කියලා මැසේජ් එකක් දාන එක.ඒකට තියනවා ඔතන අතක හැඩයේ icon එකක්.ඒක ක්ලික් කරන්න.එතකොට මේ වගේ වින්ඩෝ එකක් එයි
5.මුලින් ම මැසේජ් එකක් දාලා සේරටම දවස් දෙක තුනක් කල් දෙන්න.ඊට පස්සේ ඉන්න අයව බලලා unfollow කරලා දාන්න ඔය රතු  පාට කතිරේ ක්ලික් කරලා.


Tags:

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 ප්‍රතිචාර:

back to top