Sep 29, 2013

ඕඩර් එන සාර්ථක ගිග් එකක් හදමු

Posted by Unknown at 1:27 AM 4 Comments
                     Fiverr  වල ගිග් කියන්නේ වටිනාම දේ.මොකද ගිග් එකෙන් තමයි අපේ සර්විස් එක අනිත් අයට විකුනන්නේ.Fiverr   වල වැඩ කටයුතු වලින් 80% ක් විතර වැදගත් වෙන්නේ මේ ගිග් හදන එක.අපිට ඕඩර්ස් ගෙන්න ගන්න නම් අපි හදන ගිග් එක සුපිරි ලේබලයෙන් තියෙන්න ඕනේ.විනාඩි 5 න් 10 න් සුපිරි ගිග් එකක් හදන්න බෑ.අඩුම ඒකට විනාඩි 20 ක් වත් වැය කරන්න වෙනවා.නිකමට හිතන්න මේ විනාඩි 20 වැය කරලා හදන ගිග් එක සමහරවිට ඉස්සරහට ඔයාට මාසෙට රු.10000ක් උපයන්න හේතු වෙන්න පුළුවන්.එහෙනම් අර විනාඩි 20 වැය කරපු එක පාඩුවක් නෙවේ නේද?
           ගිග් එකක් හදන වෙලාව ගැන කියනවනම් කලින් ගිග් එකක් first page වැටෙන්න නැත්නම් වැඩියෙන් promote වෙන්න හේතු වෙන වෙලාවක් තිබ්බා.ඒත් Fiverr  V2 වලට ආවට පස්සේ ඒක එච්චර වැදගත් නෑ.ඉරිදා හැර අනිත් ඕනෑම දවසක ගිග් එක create කරන්න පුළුවන්.

හරි එහෙනම් සුපිරි ලේබලෙන් තියෙන ගිග් එකක් හදන වැඩේට බහිමු.
                  මුලින්ම හදන ගිග් එක නම් start selling එහෙමත් නැත්නම් create gig ගියාට පස්සේ අපිට පෙන්නන්නේ මෙහෙම වින්ඩෝ එකක්.
                         

විශාල කිරීමට picture එක මත click කරන්න
              මම ඔය පික් එකේ දාලා තියෙන 1 ඉඳන් 7 වෙන කල් අයිටම් 7 ම සුපිරි ගිග් එකක් හදන්න ගොඩක් වැදගත්.
    මම ඒවා එකින් එක කියලා දෙන්නම්

1.GIG TITLE

           අපි සෙල් කරන්නේ මොනවද කියලා බයර්ට කියන්නේ මේ මඟින්.Fiverr  කැටගරි පේජ් වලදි අපේ ගිග් එක පෙන්නන්නේ ගිග් එකේ ටයිටල් එකෙන්.ඒ හින්දා මේක දාන්න ඕනේ ගිග් එකෙන් සෙල් කරන දේ හරියට කියවෙන විදිහට.හැබැයි Fiverr   title එකට හෑලි බාරගන්නෙත් නෑ.එහෙනම් title එක short and meaningful වෙන්න ඕනේ.කියන්න තියෙන සේරම කියවෙන විදිහට කෙටියෙන් තියන්න.අනවශ්‍ය දේවල් කියන්න යන්න එපා.මේ title එක අපේ ගිග් එක බලන කෙනා ලව්වා ඕඩර් කරවගන්න හේතුවක් වෙන්නත් ඔනේ.ඒකට දාන්න පොඩි වචන ට්‍රික්ස් තියනවා.
               උදාහරණයකට මෙහෙම හිතමු.අපි ලොගෝ ඩිසයින් කරන්න යනවනම් 
I will design a killer logo with PSD free
        බැනර් ඩිසයින් නම් 
I will design a stunning banner with PSD free
                  අපි කරන දේට අපි talented කියලා බයර්ට දැනෙන්න අරින්න ඕනේ ගිග් එක පුරාවටම.ත්‍රීවීල් එකක් හයර් කරන්න දෙන්නේ නෑනේ වීල් එක ඩ්‍රයිව් කරන්න බැරි කෙනෙක්ට.හැබැයි අපි වීල් එක හයර් කරනගමන් ඉගෙනගන්නේ වෙන්න පුළුවන්.ඒත් අපි පෙන්නන් ඕනේ වීල් එක එලවන්න අපි තරම් වැඩ්ඩෙක් නැති බව.තේරෙන්න ඇති මම කියන්නේ මොකද්ද කියන එක.
          කලින් උදාහරණ දෙකේම අගින් දාලා තියෙන "with PSD " කිව්වොත් ගොඩක් රේටඩ් උන ගිග් වල PSD file එක දෙන්නේ තවත් $5 කට.අපි ඒක නිකන් දෙනවා කියලා කියන්න ඕනේ.හැබැයි හැම ග්‍රැෆික් ඩිසයින් ගිග් එකටම ඕක දාන්නත් එපාතඅදාල ඒවට විතරයි.මම උදාහරණ දීලා තියෙන්නේ ග්‍රැෆික් පැත්තෙන් විතරයි.
facebook like වලට non dropping / real human  වගේ වචන සෙට් වෙනවා.
තමන්ගේ ගිග් එකට අදාල වෙන විදිහට title එක හදාගන්න

2.CATEGORY
                   අපේ ගිග් එක අදාල වෙන කැටගරි එක.මේක නිවැරදිව තෝරගන්න එක ගොඩක් වැදගත්.ගොඩක් බයර්ස්ලා ගිග් හොයන්නේ කැටගරි බ්‍රවුස් කරලා.එතකොට අපේ ගිග් එක නොගැලපෙන කැටගරි එකක තිබුනොත් සොරි තමයි ඉතින්.ඒ හින්දා අපේ සර්විස් එක හරියටම අදාල වෙන කැටගරියට දාන්න.සබ් කැටගරි එකත් හරියටම දාන්න

3.GIG GALLERY 
                  ඕඩර්ස් එන්න හේතු වෙන ගොඩක් වැදගත් දෙයක්.ඒ වගේම තමා description එක ඇරුනම ටිකක් හිතල කරන්න ඕනේ වැඩක්.Fiverr   වලින් අපේ ගිග් එක හඳුන්වන්න දීලා තියෙන චාන්ස් එක තමයි ඔය.ඕකෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න එක වැදගත්.මෙතනදි අපිට picture video දෙකම ඇඩ් කරන්න පුළුවන්.ඒකෙදි picture එක ගැන ටිකක් වැඩියෙන් කතා කරන්න වෙනවා.
     සාමාන්‍යයෙන් ගොඩක් අය කරන්නේ ගිග් එකේ title එකට හරියන පික් එකක් ගූගල් සර්ච් කරා දැම්මා.බලන් බන්නවා ඕඩර්ස් එනකල්.පට්ටම ගොන් වැඩක්.කරන්නේ ග්‍රැෆික් නම් ඕඩර්ස් ගන්න ඕක තමයි මන්තරේ.වීඩියෝ එකට වැඩිය වැදගත්.මම හිතන්නේ ගොඩක් අය දන්නේ නෑ ඒ ගැන.මම කියන විදිහේ සුපිරි මම හදපු ගිග් picture ටිකක් මෙතන දාන්නම්





          gig picture එකේ size එක 682x459 px වෙන්න ඕනේ තියෙන්නේ ඕනේ JPEG format එකෙන්.හදන්න ඕනේ විදිහ කියනවනම් උඩින් තියන සාම්පල් එකේ වගේ "Exclusively on Fiverr " කියන එක අනිවාර්යෙන් එන්න ඕනේ.එතනදි Fiverr ලොගෝ එක වැදගත්.මේ  gig picture එක වැදගත් වෙන්නේ බයර්ස්ලට විතරක් නෙවේ.Fiverr අගේ ගිග් එක උඩට ගේන්න මේක ප්‍රධාන හේතුවක් වෙනවා.ඒ නිසා gig picture එක eye catching වෙන්න ඕනේ.හොඳ කොලිටි එකක් වෙන්නත් ඕනේ.අපි කරන දේ කියැවෙන විදිහට ලස්සන ගෑනු ලමයෙක් ගේ පින්තූරයක් එහෙම දාලා ඒක හදා ගන්න.මේ gig picture එක අපේ ගිග් එකට විතරක් තියන එක වැදගත්.කොපි කිරීම් වලින් බේරගන්න නම් මම සාම්පල් එකේ පෙන්නලා තියෙන විදිහට fiverr username එකත් දාන්න.

             ග්‍රැෆික් නොකරන අයට මේ විදිහට gig picture එකක් create කරන විදිහ දැනගන්න ඕනේ නම් ඒ ගැන වෙනම පෝස්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා photoshop වලින් create කරන විදිහ සම්පූර්න විස්තරයක් එක්ක.ඒ ගැන අවශ්‍ය අය කමෙන්ට් එකක් දාන්න.වැදගත් අය ඉන්නවනම් ඒ පෝස්ට් එක ඉස්සරහට දෙන්නම්.
මුල් එකට මේ විදිහේ ගිග් පික් එකක් දාලා දෙවෙනි තුන්වෙනි ඒවා ට සාම්පල් දෙකක් දාන්න.මේ දෙන ගිග් පික් 3 ම ප්‍රයෝජනයට ගන්න පුළුවන් තරම්.සමහර විට බයර් මේ ගිග් පික් විතරක් බලලා ඔයාගේ ගිග් එක ඕඩර් කරයි එහෙමත් නැත්තම් title එක විතරක්.ඒ නිසා ඒ ගැන ඔලුවේ තියාගන්න.
       ඊට අමතරව පුළුවන් නම් වීඩියෝ එකකුත් හදලා දාන්න.ඒක යු ටියුබ් අප්ලෝඩ් කරලා ගිග් එකේ ලින්ක් එක දෙන්න.විඩීයෝ එකෙත් අර Exclusively on Fiverr කියන එක ගැන කියන්න පුළුවන් තරම්.ඒක හේතුවක් වෙන්න පුළුවන් ඔයාගේ ගිග් එක හොඳට  promote වෙන්න.තමන්ගේ මූන පෙන්නලා කරන විඩියෝ එකක් නම් ගොඩක් හොඳයි එහෙම ඒවාට Fiverr වැඩියෙන් සලකනවා.

4.GIG DESCRIPTION 
                 අපි හදන ගිග් එකේ හදවත තමයි ගිග් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක.කඩ්ඩ දන්නේ නැති උනත් පුළුවන් තරම් හොඳට ගලපලා සුපිරි description එකක් හදා ගන්න.ඒකට අයිඩියා එකක් නැත්තම් ඔයාගේ ගිග් කැටගරි එකේ හොඳට ඕඩර්ස් එන  ගිග් එකක description එක බලලා අදහසක් ගන්න.කොපි කරන්න එපා අරකෙන් අදහසක් අරගෙන ඔයාගේ දේවලුත් එකතු කරලා සුපිරි description එකක හදන්න.එතනදි Fiverr දීලා තියෙන පහසුකම් උපරිම ප්‍රයෝජනයට ගන්න.
bullet text/colors/text sizes/bold වගේ ඒවා
       අපි කරන වැඩේට අපි තමයි වැඩ්ඩෝ කියලා description එක පුරාවටම කියන්න.බයර්ස්ලට අපි ගැන විශ්වාසයක් ඇති කරවන්න.මේ තියෙන්නේ ඒ වගේ හොඳ උදාහරණයක්

Need unique? You got it. Need corporate? No problem! Need a custom style or shape? It would be our pleasure. We are here to meet your needs and we won't stop until we get your design EXACTLY how you want it.
What does your $5 get you? 
  • Unlimited free modifications
  • Free customer support for life on anything design-related
  • Multiple variations (color / layout changes) of your art. (We like to give our customers options.)
  • Custom tailored designs - exactly how you want them

We're not in it for the money. We love what we do, and we want to work for YOU.
Design Options:
  • Standard business card design (double sided, custom tailored to you)
  • Transparent background 
  • Die Cut (for non traditional printing shapes / dimensions)
  • Rounded Corners
  • Embossing
  • Foil Print Prep
  • Identification / Passes 
  • Custom
*We will deliver the file in ANY format(s) that you choose, free of cost (that's right, even the .psd file)  
Exclusively on Fiverr.com
 5.TAGS
               අපේ ගිග් එක Fiverr ඇතුලේ ස්ර්ච්ස් වලට අහුවෙන්න මේ ටැග් ගොඩක් වැදගත්.ගිග් එකට ගැලපෙන විදිහට නිවැරදිව ටැග්ස් දාගන්න.ගිග් එක හොයන්නේ ඔයා කියලා හිතලා ඔයා දාන කී වර්ඩ් ටැග්ස් ගැන හිතන්න.ඒ විදිහේ ටැග්ස් ටිකක් මෙතන දාන්න.එකම වචනේ කීප සැරයක් පාවිච්චි කරන්න එපා.

6.DURATION 
                     අපි ගිග් එකෙන් කියවෙන දේ ඩිලිවර් කරන්න කොච්චර කාලයක් ගන්නවද කියන එකයි මෙතනින් කියවෙන්නේ.දවස් ගනන 1 වෙන තරමට හොඳයි.ඒ කියන්නේ පුළුවන් තරම් ඉක්මනින් අපි ඩිලිවර් කරනවා කියන එක වැදගත් ඕඩර්ස් වැඩි වෙන්න.අදාල කාලය ඇතුලත ඔයාට ඩිලිවර් කරගන්න බැරි උනොත් late delivery වෙනවා.එතකොට ඩිලිවර් කරත් ලේට් නිසා ඒක cancel කරන්න හරි negative feedback හරි දාන්න බයර්ට අයිතියක් තියනවා.ඒ නිසා මෙතන duration දාන්න කලින් ඒ ගැනත් හිතන්න.

7.INSTRUCTIONS FOR BUYER
                  මෙතනින් කියන්නේ ඕඩර් එකේ countdown පටන් ගන්න බයර්ගෙන් අපිට ඕන කරන තොරතුරු.මේ ටික දාන එක වැදගත් ලේට් ඩිලිවරි වලින් බේරෙන්න.ඒ කියන්නේ කවුරු හරි ගිග් එක ඕඩර් කරලා මේ ටික අපිට ඕනේ විස්තර නොදා හිටියොත් මෙතනට ඕඩර් එක countdown පටන් ගන්නේ නෑ.ඒ නිසා ගිග් එකේ මේ ටික අනිවාර්යෙන් fill කරන්න.ඩිලිවර් එකට අවශ්‍ය සියලු විස්තර බයර්ගෙන් ඉල්ලන්න.


 මේ ටිකට අමතරව සමහර අයට gig cover සහ Gig extra කියන දෙක හම්බවෙයි.
Gig cover දාන්න දෙන්නේ එක ගිග් එකකට විතරයි.ඒකත් අපිට ඩිසයින් කරගන්න පුලුවන් නැත්නම් නොදා ඉන්න පුළුවන්.
Fiverr හොයන ගාන වැඩි කරගන්න Gig extra ත් වැදගත්.මේ පහසුකම ලැබෙන්න නම් ඔයා First level වෙන්න ඕනේ.අපි කරන ගිග් එක discount ඇතුව බයර්ට offer කරන්න gig extra වලින්.ඒක description එකේ කියන්න.ඒ වගේම ගිග් එකක් අස්සේ තවත් ගිග් එකක් විකුනගන්නත් පුළුවන් මේ හරහා.ඒ කියන්නේ facebook like selling ගිග් එකකදි $10 extra gig එකකට ඒකට ම අදාල වෙන තවත් දෙයක් offer කරන්න පුළුවන්.

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

4 comments:

  1. සුපිරි ලිපියක්. දිගටම ලියන්න.

    ReplyDelete
  2. Photoshop walin fiverr images hadana hati gana lipiyak danna me lipiya supiri digatama liyanna

    ReplyDelete
  3. මචෝ ලිපිය නම් සුපිරි පොඩි අයිඩියා එකක් දෙන්නම් ලිපියක් පෝස්ට් කාලාම ඒක පෝස්ට් කරපු දිනය දාපන් මම හිතන්නෙ ගොඩක් වැදගත් වෙයි කියවන උන්ට

    ReplyDelete
  4. මෙම සේවාව දිගටම කරගෙන යාම සදහා ඔබට සියලු ශක්තිය ලැබේවා !!!

    ReplyDelete

back to top