Oct 25, 2014

Fiverr Negative Feedback වලින් බේරෙන්නේ කොහොමද?

Posted by Unknown at 1:33 PM 2 Comments
             
ෆයිවර් බයර් කෙනෙක්ට ගිග් එකක් ඕඩර් කරලා තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ තමන්ට අවශ්‍ය දේ ලැබුනේ නැත්නම් modification ඉල්ලන්න පුලුවන්.තමන් වියදම් කරපු $5 ට උපරිම වටිනාකම ලබාගන්න තමයි ඕනම කෙනෙක් උත්සහ කරන්නේ.බැරි වෙලාවත් සෙලර් modifications වලට අදි මදි කලොත් සහ තමන්ට සෙලර් වංචා කලොත්,බයර්ට සෙලර් ගැන තරහක් ඇති උනොත් දෙන්න පුළුවන් හොඳම දඬුවම තමයි Negative Feedback එකක්.

  ඔය කියන තරම් Negative Feedback  බරපතලද?

     අවිවාදයෙන්ම ඔව්.ඒ ඇයි කියලා මම කියන්නම්.

       1. දවස ගානේ ඕඩර්ස් ගලාගෙන ආපු ඔයාගේ ගිග් එකට එක මොහොතෙන් ඕඩර්ස් අඩු කරන්න Negative Feedback  එකකට පුළුවන්.ඒ මොකද ඔයාගේ ගිග් එක recommend page එකක එහෙමත් නැත්නම් list එකක තියෙනවනම් එතනින් පහලට යන්න අර Negative Feedback  එක හේතු වෙන්න පුළුවන්.

        2.අපි කවුරු උනත් කැමති අපේ සල්ලි නාස්ති කරගන්නේ නැතුව අපිට ඕනේ දේ හරියටම කරගන්න.ඔයා Fiverr වලින් service එකක් බයි කරන්න යනවා කියලා හිතන්න.ප්‍රධානම දේ තමා experienced සෙලර් කෙනෙක් වෙන්න ඕනේ.ඔයා ඒ දේ බලන්නේ feed-backs වලින්.experience තියන සෙලර් කෙනෙක් අපේ වැඩේට තෝරගත්තට පස්සේ අපි කරන්නේ එයාගෙත් මොකක් හරි අඩුපාඩුවක් තියනවද බලන එක.මේක කරන්න තියෙන්නේ Negative Feedback තියනවනම් ඒවා check කරන එක.Negative Feedback  එකක්වත් නැත්නම් අපි දෙපාරක් හිතන්නේ නැතුවම ඕඩර් එකක් දානවනේ.ඔය විදිහටම තමා fiverr gig buy කරන්න එන බයර්ස්ලත් කරන්නේ.ඔයාගේ ගිග් එකේ Negative Feedback  නැත්නම් ඒකට චාන්ස් වැඩියි.

     3.මේක තමා බරපතලම දේ.fiverr customer support එකෙන් Negative Feedback  එක්ක වැඩ කිරීමේදී වැඩි chance එකක් දෙන්නේ බයර්ගේ පැත්තට.සමහරවිට Negative Feedback  එකකට කිසිම වැරැද්දක් ඔයා කලේ නෑ වෙන්න පුළුවන්.ඒත් fiverr customer support කියන්නේ බයර්ගේ අනුමැතියක් නැතුව කිසිම Negative Feedback එකක් අයින් කරන්නේ නෑ කියන එක.

 ඒ නිසා හොඳම දේ තමයි කොයිම විදිහකටවත් Negative Feedback එකක් වැටෙන්නේ නැති වෙන්න වැඩ කරන එක.කොහොමද ඒක කරන්නේ?

1.සමහර වැඩ වලදි බයර්ස්ලා මැසෙජ් එකක් දාලා අහනවා මේ දේ කරන්න පුලුවන්ද කියලා මම ඕඩර් කරන්න ද කියලා.ඒ වෙලාවට මුලින්ම බලන්න  බයර් කියලා ඉල්ලලා  තියන දේ ඒ විදිහටම ඒ කාලය ඇතුලත දෙන්න පුලුවන්ද කියලා.ඒ වැඩේ ඔයාට කරන්න බැරි දෙයක් නම් ආපහු reply කරන්න ඕනේ නෑ සද්ද නැතුව ඉන්න.
     බයර් කියලා තියන දෙයට කියලා තියන ප්‍රමාණයට වඩා මුදලක් අය කරන්න ඕනේ නම් ඒක ඩිලිවර් කරන්න ලෑස්ති වෙලා කියන්නේ නැතුව ඕඩර් එක දාන්න කලින් කියන්න.මෙතනදි බල්ලට පොල්ලෙන් ගහන්නා වගේ වැඩියෙන් ඉල්ලන්න එපා.ෂේප් එකේ වැඩියෙන් යනවා කියන එක කියන්න.ඒ වගේම බයර් ඉල්ලන දේ කරන්න දවසකට වැඩි කාලයක් යනවනම් ඒකත් ඕඩර් කරන්න කලින් කියන්න.ඔය දෙකටම හොඳම විසදුම තමා fiverr දීලා තියෙන් custom price quote.

2.ඕඩර් ලේට් නොවී ඩිලිවර් කරන්න උපරිම ට්‍රයි කරන්න.
     මොකද අපි ඕඩර් එකක් ලේට් කරොත් බයර්ට පුලුවන් ඕඩර් එක එතනින්ම කැන්සල් කරන්න.එතකොට $4ත් අපිට නැතුව යනවා වගේම automatically Negative Feedback එකක් වැටෙනවා "Buyer Failed to Deliver On time" කියලා.මේ Negative Feedback එක අයින් කරන්න නම් හිතන්නවත් එපා.හදිසියේවත් ඕඩර් එකක් ලේට් උනොත් බයර්ට මැසේජ් එකක් දාන්න මොකක් හරි නොවැලැක්විය හැකි හේතුවක්(ලෙඩක් වගේ දෙයක්) නිසා ඕඩර් එක ලේට් වෙන බව.එතකොට ඒ වෙලාවට ඩිලිවර් එක ගන්න ආපු බයර් එක්කෝ
"No worries,Take your time" කියලා කියයි.එහෙමත් නැත්නම්
"No I need it urgently.Please cancel this order" කියයි.එහෙම උනොත් mutual cancellation එකක් දෙන්න resolution center ගිහින්.එතකොට නැතිවෙන $4 ගැන දුක් වෙන්න එපා.මොකද Negative Feedback එකක් එහෙම වැටුනනම් ඒක ඔයාගේ ඩොලර් සෑහෙන ගානක් නැති කරනවා අනාගතේදි.

3.ඕඩර් එක කරන්න ගන්න අවසාන පැය වෙනකල් ඉන්න එපා.
          මේදේ මගෙන් කලින් උන ලොකු අඩුපාඩුවක්.කොච්චර වෙලා තිබුනත් අවසාන මොහොතේ තමා කරන්න ගන්නේ.ඔය දේ ගොඩක්ම වෙන්නේ Graphic & Design කරන අයට.ඕඩර් එකක් ආපුවහම කරන්න ගන්න බැරි උනොත් ඕඩර් එක චෙක් කරලා බලන්න ඒක කරන්න පුලුවන් එකක්ද කරන්න තියෙන වැඩේට ප්‍රමාණවත් තරමට ඕඩර් එක දාලද කියලා.එහෙම නැත්නම් ටක් ගාලා බයර් ව contact කරගන්න ඕඩර් එක මදි නම්.කරන්න බැරි දෙයක්නම් හේතුව කියලා mutual cancellation එකක් දෙන්න.(ඔය දේ කරගන්න බැරි උන නිසා ඉන්දියන් කාරයෙක් ලොකු වැඩක් අඩු ගානකට කරගන්න ඇවිත් මට Negative Feedback  එකක් දැම්මා.තවම ඒක එහෙමමයි)

4.පුළුවන් තරම් ආචාරශීලීව බයර් එක්ක communication එක තියා ගන්න.
කඩ්ඩ හරියට දන්නේ නැති වෙන්න පුළුවන් ඒත් දන්න කඩ්ඩෙන් පුළුවන් විදිහට polite වෙන්න.සුද්දෝ ගොඩක් කැමති එය දේට.උන්ට අපි ලව්වා සර් කියලා කියව ගන්න ඕනේ නෑ.ගොඩක් වෙලාවට උන්ම අපිට සර් කියනවා :)

5.Order එක ඩිලිවර් කරද්දි Negative Feedback නොවැටෙන්න වගබලා ගන්න.
   මම මේ ගැන කලින් පෝස්ට් එකකත් කියලා තියෙනවා.ඕඩර් එක ඩිලිවර් කරන්න මේ වගේ message  එකක් පාවිච්චි කරන්න.
Hi,Your order has been delivered.Check it and let me know if you any changes.
   Regards
   Your Fiverr Name 
        මේ විදිහේ මැසේජ් එකක් දැම්මම ගොඩක් වෙලාවට බයර් modification request කරන්නෙත් නෑ වෙනස් වෙන්න ඕනේ දේවල් තියනවනම් මැසේජ් එකකින් කියනවා.

6.තමන්ට අවංක වෙන්න.
      කොයිම වෙලාවකදිවත් බයර්ව මුලා කරන්න යන්න එපා මොකක් හරි වංචාවක් කරලා.අපි මේ දේ කරන්නේ සල්ලි වලට.ඒ නිසා ඒ සල්ලි වලට ගැලපෙන විදිහට ඔයාට කරන්න පුලුවන් උපරිම දේ කරන්න.ඔයා කරපු දෙයින් බයර් තෘප්තිමත් උනානම් අයේ දවසක මොනවහරි කරගන්න තියේනම් ඒ ඕඩර් එකත් ඔයාටම එන එක 100% විශ්වාසයි.
බැරි වෙලාවකවත් මොනවා හරි වැරැද්දක් වෙලා Negative Feedback එකක් වැටුනොත් මොකද කරන්නේ?
          එවෙලෙම බයර් contact කරගන්න.ඔයාට නැති වෙන $4 ගැන හිතන්න එපා.order එක cancel කරන්න කැමතියි කියන්න Negative Feedback එක අයින් කරගන්නවනම්.මොකුත් නොකියා එක පාරටම mutual cancel දෙන්න එපා.මොකද බයර් අයින් කරොත් මිසක් Negative Feedback එක අයින් වෙන්නේ Order එක cancel උනාට.Negative Feedback එකක් වැටුනොත් අයින් කරග්නන තියෙන සාර්ථකම විසඳුම තමා බයර්ව ෂේප් කරන එක.සමහර බයර්ස්ලා ඉන්නවා වැඩේ කරගත්තට පස්සේ ආයේ fiverr පැත්ත පලාතේ එන්නේ නැති අය.එහෙම උනොත් දවස ගානේ හරි කමක් නෑ මිනිහට Negative Feedback  එක අයින් කරන්න හිතෙන විදිහට මැසෙජ් යවන්න.මොකද fiverr ආවේ නැතත් අපි යවන මැසේජ් මිනිහගේ email එකේ පෙන්නනවා.මේ එකක්වත් හරිගියේ නැත්නම් customer support එකේ පිහිට පතන්න.

          ඒකෙනුත් වැඩක් උනේ නැත්නම් Negative Feedback එක අයින් කරගන්න එක හිතින් අතෑරලා දාලා ඔයාගේ කිසිම වැරැද්දක් නැති බව කියලා පුලුවන් තරම් බයර්ගේ වැරැද්ද කියලා අර Negative Feedback එකට review එකක් දෙන්න.එතකොට ඔයාගේ ගිග් එක ඕඩර් කරන්න ආපු වෙනත් බයර් කෙනෙක් ඒක බලලා ඔයාගේ වැරැද්දක් නැති බව තීරණය කරාවි.review එකක් නොදී හිස්ව තියනවා කියන්නේ ඔයා ඔයාගේ අඩුපාඩුව පිලිගත්තා කියන එක.පහල තියනවා වගේ Negative Feedback එකක් වැටුනොත් හිතන්න ඒක දකින බයර් කෙනෙක් ගිග් එක ඕඩර් කරයිද?

Very poor service! Don't use this seller for your works.Don't waste your money

පෝස්ට් එක ටිකක් දිගයි.හැමෝටම තේරෙන විදිහට විස්තර ඇතුව ලිව්වේ.මොනවහරි ප්‍රශ්නයක් තියනවනම් comment එකකින් අහන්න.ජය වේවා!

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

2 comments:

  1. Supirima post 1k macho... email 1ta ena mail 1 4n 1ta alart 1k widiyata awama apita 4n 1nma log wela reply yawanne kohomada? api account 1 hadapu machine 1nma neda harinam log wenna oni ape account 1ta?

    ReplyDelete
  2. man okkama hadhuwata passe mata mehema error message 1k enawa..ekata visadhumak naddha..thanks me post 1ta..atthatama watinawa mekanam

    ReplyDelete

back to top