Jul 17, 2013

Fiverr එක්ක දිග ගමනක් යන්න...Fiverr රහස්

Posted by Unknown at 9:27 AM 4 Comments
             
 Fiverr  අලුතින් පටන් ගන්න ඉන්න අයටයි දැනට කරගෙන යන අයටයි වැදගත් වෙන පෝස්ට් එකක් දාන්න හිතුනා Fiverr ගැන.Fiverr කරන අය කැමතියිනේ Fiverr  තමන්ගේ ආදායම වැඩි කරගන්නයි,ඒ ආදායමත් එක්ක දිගටම Fiverr  එක්ක ඉන්න.ඒකට උදවු වෙන විදිහට වැඩ කරන්නේ කොහොමද බලමු.

Fiverr සමඟ විශ්වාසය ගොඩ නගාගන්න

                     Fiverr  වලින් සෑහෙන කාලයක් හම්බකරන්න නම් Fiverr  එක්ක තියන විශ්වාසය තියාගන්න එක  ගොඩක් වැදගත්.කවදාවත් ඔයා ගැන Fiverr  එක්ක තියන විශ්වාසය නැති කරගන්න එපා.මේකට අපි අතින් වෙන වැරදි ටිකක් හේතු වෙනවා.
Fiverr  කරන ගොඩක් අය කරන වැඩක් තමා එකවුන්ට් දෙකක් හදන එක.මම දකින විදිහට ඒක අවුලක් නෑ.කරන්න තියෙන්නේ බ්‍රවුසර් දෙකකින් ලොග් වෙන එක.එකක තියන ගිග් අනිකේ දාන්න එපා.ගිග් පික්චර් එක ඩිස්ක්‍රිප්ශන් එක එක සමාන ඒවා දාන්න එපා.
                     එතකොට කොහොමද අපි නාගන්නේ?මෙහෙම Fiverr  එකවුන්ට් දෙකක් කාට හරි තියනවා කියලා හිතමු.දැන් එයා කරන මෝඩ වැඩේ තමා එක account එකකින් අනිත් එකේ ගිග් එකක් රේට් කරන එක.ඒ කියන්නේ එක ඕඩර් එකක් වත් positive feedback එකක් එක්ක කම්ප්ලීට් වෙන්නේ නැතුව ගිග් එකේ ratings හැදෙන්නේ නෑ.කලින් කියපු විදිහට කරන්නේ එක account එකකින් අනිත් එකේ ගිග් එක ඕඩර් කරලා positive feedback එකක් දෙන එක ගිග් එක රේට් කරන්න.අනිවාර්යෙන් account දෙකෙන් එකකට හරි දෙකටම හරි ස්විප් එක ඇදෙයි.


                           මෙහෙම කරලා account දෙක අවුලක් නැතුව අරන් යන්න පුළුවන් කියලා එකක් තියන කට්ටිය තව එකක් හදන්න යන්න එපා.එක එකවුන්ට් එකකින් සාර්ථක ගමනක් යන එකයි වැදගත්.

                    මම වැඩි ලෝබකම් කරන්න ගිහින් account එක බෑන් වෙන්න ගිහින් යන්තම් බේරුන එක ගැනත් මෙතන කියන්නම්.ඒක කාටත් වැදගත් වෙයි.මගේ account එක යන්තම් රේට් කරගෙන ලෙවල් 2 උනාටත් පස්සේ Fiverr වලින් හොඳ ආදායමක් තිබ්බා.ගිග් එකක් දාපු ගමන් first page ගියා.ඒකෙන් ඔඩර් ගලාගෙන ආවා.ග්‍රැෆික් ඩිසයින් ගිග් එකක්.සුද්දෙක් මැසේජ් එකක් දාලා තිබ්බා දවසක් මට මෑන් ගාව ෆොටෝ 200ක් විතර තියනවා.හැබැයි Fiverr  හරහා ගණුදෙනු කරන්න ඕඩර් ගොඩක් දාන්න වෙන නිසා ඩිරෙක්ට් ගණුදෙනු කරන්න කැමතියි ඊ මේල් එක එවන්න contact කරගන්න කියලා.අපි හැමදේම කරන්නේ සල්ලි හොයන අදහසින්නේ.ඔය ගැන වැඩි දැනුමක් තිබ්බෙත් නෑ එතකොට.මම ලේසියෙන් හොයන්න බැරි විදිහට මගේ ඊ මේල් එක මිනිහට මැසේජ් කලා.
                   පහුවදා Fiverr  ලොග් වෙනකොට උඩින්ම රතු පාටින් අවවාදයයි කියලා පටන් අරගෙන පත හෑල්ලක් තියනවා.කරන හැම ගණුදෙනුවක්ම Fiverr  හරහා කරන්නලු.මේක අන්තිම අවවාදයලු.ආයේ එහෙම වැරැද්දක් උනොත් ලෙවල් සේරම කැන්සල් කරනවලු.සමහර විට account එකත් බෑන් වෙයිලු.හොඳ ආදායමක් තියෙන ලෙවල් 2 එකවුන්ට් එකක ඔය වගේ warning එකක් දැක්කොත් කොහොම දෙයක්ද හිතෙන්නේ කියලා කියන්න ඔනේ නෑනේ ඉතින්.එතනින් මම හිතා ගත්තා ආයේ ඒ මෝඩ වැඩ නොකර ඉන්න.ඊට පස්සේ ආයේ ඔය වගේ දෙතුන් දෙනෙක් හම්බුනා මට.කලින් වලේ වැටුන නිසා ආයේ එහෙම නොවෙන්න මම ඒ අයට කිව්වා මම මගේ සර්විස් එක දෙන්නේ Fiverr  වලින් විතරයි.ඒ නිසා Fiverr  වලදිම ගණුදෙනුව කරමු කියලා.බට් ඒ එකක්වත් හරිගියේ නෑ.
                 කවදාවත් මම කරපු වැඩේ කරන්න එපා.අර වගේ මැසේජ් එකක් දැක්කොත් ඊ මේල් එක දෙන්න කාටත් හිතෙයි.මම ඊට ටික කාලෙකට පස්සේ සුද්දෙක්ගේ බ්ලොග් එකක ලියලා තියන දෙයක් දැක්කා.ඒ තිබ්බේ Fiverr  සෙලර් කෙනෙක් තමන්ගේ selling හොඳට Fiverr වල කරගෙන යනවනම් Fiverr  වලින් ඒ සෙලර් විශ්වාසයිද කියන එක චෙක් කරනවලු.ඒ කරන්නේ අර මට උන විදිහට මැසේජ් එකක් දාලා අපෙ ප්‍රතිචාරය බලන එක.ඒක හින්දා පරිස්සමින්.මෙහෙම ෂුවර් මැසේජ් එකක් දැක්කොත් ඒ කියන්නේ ඕඩර් එකක් දීලා දිගටම එයා එක්ක ගණුදෙනු කරන්න බයර් ඊ මේල්එක ඉල්ලුවොත් ඊමේල් එක යට තියන විදිහට text file එකක දාලා ඒක attach කරලා මැසේජ් එකක් දාන්න.මේ ෆෝමැට් එකෙන්
                               
                                yourname(at)gmail(dot)com

customer එක්ක තියන විශ්වාසයත් වැදගත්

                       සුද්දෝ කැමති එයාලත් එක්ක friendly කතා කරන එකට.ඒ හින්දා කඩ්ඩ දන්නේ නැත්තම් පොඩ්ඩක් ඉගෙන ගෙන හරි බයර්ට තේරේන විදිහට වැදගත් විදිහට බයර්ව contact කරගන්න.HI කියලා කියන්න ඕනේ දේ කියන්න.අකුරු දෙකක් ගැහුවට අතින් පයින් යන්නේ නෑනේ.පුළුවන් නම් Sir කියන්න.හරියට මේ වගේ.

"
Hi,                      xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx.
Thanks/ Regards 
Yourname                                                                                                                    "
                                                  

ඩිලිවර් එකක අවුලක් ගිහින් රිජෙක්ට් කලොත් හරි අඩුපාඩු හදලා දෙන්න හරි කියලා ඉල්ලුවොත් “Sure,I will fix it as soon as possible"කියලා බටර් පාර ගාලා  අඩුපාඩු ටික හදලා පුළුවන් තරම් ඉක්මනට ආයේ ඩිලිවර් කරන්න.express delivery තියන ගිග් එක මෙහෙම පහුවෙලා ආයේ ඩිලිවර් කරාම පරණ වර්ශන් එකේ ඒ express delivery කියන එක නැති වෙන කතන්දරයක් තිබ්බා.v2 වල නම් කොහොමද දන්නේ නෑ.ඒ දවස් වල මම කරේ මැසේජ් එකකින් ආයේ ඩිලිවර් කරන එක.
                         
                          තව දෙයක් තමා ඊ මේල් එකක් ආපුවහම phone එකට ඇලර්ට් එකක් එන විදිහට හදාගන්න.එතකොට අපිට බයර් කෙනෙක් මැසේජ් එකක් දාපුවහම ඒක අපිට ඉක්මනට දැනගන්න පුළුවන්.phone එකෙන්ම Fiverr  ලොග් වෙලා ඒ මැසේජ් එකට රිප්ලයි කරන්න පුළුවන්.Fiverr  V2 වල response time එක ගොඩක් වැදගත්.මේ විදිහට ඊ මේල් වලින් ෆෝන් එකට ඇලර්ට් එකක් ගන්න විදිහට හදාගන්න කවුරු හරි දන්නේ නැත්තම් කමෙන්ට් එකකින් කියන්න මම ඒ ගැනත් පෝස්ට් එකක් දාන්නම්.
                 ග්‍රැෆික් ඩිසයින් වගේ ගිග් කරනකොට එකම බයර්ගෙන් ඕඩර් කීපයක් ලැබෙන්න තියන ඉඩකඩ වැඩියි.ඒ නිසා බයර් ගේ හිත සතුටු වෙන විදිහට “Great seller.I will use this gig again“ කියලා positive feedback ලැබෙන විදිහට වැඩ කරන්න.මීට මාස ගානකට කලින් මගෙන් වැඩ කරවගත්ත සමහර බයර්ලගෙන් දැනටත් මට ඕඩර් එනවා.

Fiverr ගැන හිතනවා කියලා පෙන්නන්න

                            Fiverr ගැන හිතන අයට Fiverr  හොඳට සලකනවා.ඒ හින්දා පුළුවන් තරම් ඒ බව Fiverr ට දැනෙන්න දෙන්න.ගිග් පික්චර් එකේ ගිග් වීඩියෝ එකේ exclusively on Fiverr.com කියන එක හොඳට පේන විදිහට දාන්න.ඒ ගිග් එක ලිස්ට් එකේ උඩට යන්න තියෙන අවස්ථාව වැඩියි.මොකද Fiverr වලින් ම එහෙම තියන ගිග් promote කරනවා.කවුරු හරි කෙනෙක් මැසේජ් එකක් එවලා තියනව නම් ඊ මේල් එක එක්ක රිප්ලයි කරන්න “ මම කැමති නෑ Fiverr එක්ක තියන විශ්වාසය නැති කරගන්න.මගේ සේවාව ලබාදෙන්නේ Fiverr  හරහා විතරයි.කැමති නම් Fiverr  හරහා මගේ සේවය ලබාගන්න කියලා “.ඊට පස්සේ Fiverr  ඕක දැක්කොත් ඒක අනිවාර්යෙන් positive  විදිහට Fiverr  අපි ගැන හිතන්න බලපායි.

Fiverr forum එක පාවිච්චි කරන්න

                   Fiverr forum එක ගොඩක් වැදගත් තැනක්.Fiverr top sellers ලා ගොඩක් එතන තමන්ගේ අදහස් දානවා.සෙලර් කෙනෙක් විදිහට ගන්න දේවල් ගොඩක් එතන තියනවා.මෙතනින් Fiverr forum එකට යන්න.Sign in with Fiverr.com බට්න් එක ක්ලික් කරලා  Fiverr එකවුන්ට් එක connect කරන්න.සෙලර් කෙනෙක් විදිහට අපේ ගිග් එක එතන ප්‍රමෝට් කරන්නත් පුළුවන්.හැබැයි ඕනෑවට වැඩිය ඒ දේ කරන්න යන්න එපා.එතකොට ෆෝරම් එකේ අපේ වටිනාකමක් නැතුව යනවා.

Fiverr gig promote විජට් එක බ්ලොග් එකට දාගන්න

                මමත් මේක දැක්කේ fiverr forum එකෙන්.හොඳ ට්‍රැෆික් එකක් තියන ඉංග්‍රිසි බ්ලොග් එකක් තියනවනම් තමන්ගේ ගිග් ඒ බ්ලොග් එකේ ප්‍රමෝට් කරගන්න පුළුවන් මේ විජට් එකෙන්.මෙන්න මෙහෙමයි ඒකේ පෙනුම.

                යටින් තියන html code එක අරගෙන බ්ලොග් එකට දාගන්න.

<script type="text/javascript" src="http://fiverr.com/widget?username=guest&type=fv&gigs_count=5&liked_gigs_count=5"></script>

guest කියන තැනට ඔයාගේ Fiverr username එක දෙන්න
5 පෙන්නන්න ඕනේ ගිග් ගනනෙන් වෙනස් කරගන්න

                   Fiverr රහස් එක්ක ආයේ හම්බවෙමු.ජය!!!!!!!!!

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

4 comments:

  1. ela machan. mama meka dhakkamai.

    ReplyDelete
  2. Super Post එකක් මචන්.පුලුවන්නම් අර ඊමේල් වලින් phone කට ඇලර්ටි එකක් ගන්න විදිහ කියලා දෙන්න.අපේ ගොඩක් අයට ඒක ඹ්න වෙලා තියෙනවා.
    Thanks

    ReplyDelete
  3. Gmaill account >>>>settings >>> Forwarding and POP/IMAP >>> Add a forwarding address >>>

    Dialog නම්
    077xxxxxxx@mms.dialog.lk

    Mobitel නම්
    071xxxxxxx@mms.mobitel.lk

    phone එකට එන කෝඩ් එක දාලා වෙරිෆයි කරන්න

    ReplyDelete

back to top